Colombo Today Local News

ජුලි 09 වනදා ජනපති නිවසට ඇතුළු වූ දෙදෙනෙක් අත්අඩංගුවට

පසුගිය ජුලි මස 09 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධියට තවත් පුද්ගලයින් දෙදෙනෙකු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 20 හැවිරිදි වියේ පසුවන බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (16)දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

කිරිවෙහෙර රජමහ විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට මරණ තර්ජන

colombotoday

ඇමති මංගල ඊළාම් ඩයස්පොරා ප්‍රධානී එම්මානුවෙල් පූජක සමග බර්ලිනයේදී රහස් සාකච්ඡාවක

colombotoday

ETCA හරහා අපේ ආර්ථික දේහයම ඉන්දියාව ගිලගන්නවා.. රහසිගත කෙටුම්පතක් දයාන්ගෙන් එළියට

colombotoday

අතුරුදහන් වූවන්ට යුක්තිය ඉටු විය යුතුයි – ජාතික හෙළ උරුමය

colombotoday

ආණ්ඩුවට බහුතරය අහිමිවුණොත් TNA සහය ආණ්ඩුවට… උපදෙස් බටහිර තානාපති කාර්යාලවලින්…

colombotoday

රස කවපු විස පනතක් පාර්ලිමේන්තුවට…

colombotoday