මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළු කිලෝග්රෑම් 5,670 ක් සමග සැකකරුවෙකු තෝප්පුව පාලම අසලදී කොච්චිකඩේ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
එම මාළු තොගය ලොරියකින්, හලාවත සිට මීගමුව දෙසට ප්රවාහනය කරන බවට ලද තොරතුරකට අනුව එය සොයා ගත් බව පොලීසිය සඳහන් කරයි.
මාළු තොගයේ වටිනාකම රුපියල් තිස් හතර ලක්ෂ දෙදහසකි.
53 හැවිරිදි සැකකරු අද (01)දින මීගමුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.