Colombo Today Local News

අධි චෝදනා ඉදිරිපත් කිරීම සලකා බැලීමට නීතිපති පාස්කු කොමිසමේ සම්පුර්ණ වාර්තාව ඉල්ලයි.

පාස්කු අවසන් වාර්තාව සම්පූර්ණ සාක්ෂි සටහන්, ලේඛන සහ සී.ඩී. පට සමග ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයාගෙන් ඊයේ (25)දින ඉල්ලා තිබේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පළමු වෙළුම පමණක් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා වෙත ඊයේ (25)දින භාර දී තිබුණි. අවසන් වාර්තාවේ පළමු වෙළුම පමණක් තමන් වෙත ලැබීම කෙරෙහි සැලකිල්ලට ගෙන, නීතිපතිවරයා අදාළ ඉල්ලීම කර තිබෙන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළාය.

නීතිපතිවරයා වෙත මෙතෙක් ලැබී නොමැති අවසන් වාර්තාවේ වෙළුම 02 සිට 05 දක්වා අන්තර්ගතවී ඇත්තේ ජනාධිපති කොමිසමේ විමර්ශනයට අදාළ සම්පූර්ණ සාක්ෂි සටහන්, ලේඛන සහ සී.ඩී. පටය.

මෙම සියලු සාක්ෂි සටහන් සහ ලේඛන අවශ්‍ය වන්නේ පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට නඩු පැවරීමට ප්‍රථම වැඩිදුර විමර්ශන කළ යුතු ද යන්නත්, ජනාධිපති පරීක්ෂණ කොමිෂන් පරීක්ෂණයේ පවතින සාක්ෂි මත නඩු පැවරිය හැකිද යන්නත් තීරණය කිරීම සඳහා වන බවද නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා වෙත ලිඛිතවම දැනුම් දී තිබේ.

එබැවින් පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ඉදිරිපත් කිරීම සලකා බැලීම සඳහා පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ සම්පූර්ණ පිටපතක් ලබා දෙන ලෙස නීතිපතිවරයා, ජනාධිපති ​ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබුණේ ඉකුත් 12 වැනිදාය.

අදාළ ඉල්ලීම කර දින 13කට පසු නීතිපතිවරයා වෙත පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පළමු වෙළුම පමණක් ඊයේ (25)දින ලැබී තිබුණි.

Related posts

මරදාන – දෙමටගොඩ අතර දුම්රිය දාවනය නවතී

Admin

චන්ද්‍රිකා මැතිණිය කියන්නේ මේ රටේ කල් ඉකුත්වුණු භාණ්ඩයක් – හිටපු අමාත්‍ය ජයරත්න හේරත්

colombotoday

සිර දඩුවම් විදින සැකකරුවකු මගදී මාලයක් කඩා දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේදී පනී

Admin

උතුරේ රත්‍රන් සෙවූ අමාත්‍යාංශ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ වැඩතහනම්

colombotoday

ජනාධිපති ලේකම් කථානායකට බොරු කියයි…

colombotoday

කොවිඩ් ඇතුළු වූ සුරාබදු දෙපාර්තමේන්තු මෙහෙයුම් මැදිරිය වසයි

colombotoday