Colombo Today Local News

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනයට කමිටුවක්

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව පහත සඳහන් කරුණු සමාලෝචනය කරමින්, රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව පවත්වාගෙන යාම සඳහා සිදු කළ යුතු අත්‍යවශ්‍ය බඳවා ගැනීම් සම්බන්ධයෙන් ප්‍රමුඛතා හඳුනාගෙන ඒ සඳහා කාලරාමු නිර්දේශ කිරීමටත්, දැනට රාජ්‍ය සේවය තුළ පැන නැඟී ඇති ගැටලු සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමත් මෙම කමිටුව මගින් සිදු කරනු ඇති.

🔴 පවතින ආර්ථීක තත්ත්වය යටතේ රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම් තාවකාලිකව අත්හිටු වීමට රජය විසින් තීරණය කරනු ලැබීම මත සේවා ව්‍යවස්ථා සහ බඳවා ගැනීම් පටිපාටීන්හි විධිවිධාන පරිදි අනුමත තනතුරු සඳහා වන පුරප්පාඩු පිරවීමේ කටයුතු සඳහා ආරම්භ කරනු ලැබ ඇති ක්‍රියාමාර්ග නතර කිරීමට සිදුවීම.

🔴 අනුමත බඳවා ගැනීමේ පටිපාටි අනුගමනය කරමින් මෙන්ම පැවති රජයන් විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයන් යටතේ වරින් වර උපාධිධාරින් හා වෙනත් සේවක කණ්ඩායම් සෘජුවම රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම හේතුවෙන් සමස්තයක් ලෙස රාජ්‍ය සේවයේ සේවක අතිරික්තයක් පැවතිය ද ඇතැම් සේවක ගණයන්හි තනතුරුවල පුරප්පාඩු පවතින බව වාර්තා වීම.

🔴බඳවා ගැනීමේදී විවිධ ක්‍රම අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් රාජ්‍ය සේවය තුළ පැන නැඟී ඇති ගැටලු සම්බන්ධයෙන් යෝග්‍ය පියවර ගැනීම.

Related posts

විරෝධතා පැවැත්වීමට ජනතාවට ඇති අයිතිය වැළැක්වීමට පියවර ගන්න එපා.. – ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයට අවධාරණය කරයි

colombotoday

පිල්ලෙයාන්ට දින 90ක රැඳවුම් නියෝග!

Admin

ජනපති ඉන්දියානු හමුදාවේ සහය ඉල්ලයි…

colombotoday

මුස්ලිම් ජනතාව ඉන්නේ ආණ්ඩුව ගැන කලකිරීමෙන්.. – නියෝජ්‍ය ඇමති හාරිස්

colombotoday

හපුතලේ කඩා වැටුණු ගුවන් යානයේ තොරතුරු මෙන්න. යානය ගුවන් හමුදාවට අයත් එකක්

colombotoday

ඥානසාර හිමිගේ පැමිණිල්ලට බන්දුලගෙන් කමිටුවක්

colombotoday