Colombo Today Local News

දිනකට ගෙවල්බිඳීම් සහ රන් මාල කොල්ලකෑම් 25ක්

දිනකට ගෙවල්බිඳීම් සහ රත්‍රං මාල කොල්ලකෑම් 25ක් පමණ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් විසින් ගෙවල්බිඳීම් සහ මාල කැඩීම් සිදු කරන බවට වාර්තා වන බව එහි ලේකම් එස්. හෙට්ටආරච්චි මහතා සඳහන් කරයි.

ඉන්දියාවෙන් මුහුදු මාර්ගයෙන් මෙරටට අයිස් මත්ද්‍රව්‍ය ගෙන ඒම වැඩිවි ඇති බව ද ලේකම්වරයා සඳහන් පවසයි.

මේ අතර මේ දිනවල දකුණු පළාතේ සිදුවන ඝාතන මැඩ පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවත් එම ඝාතනවලට හේතු වී ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්කුඩු ජාවාරම්කරුවන් අතර පවතින ආරවුල් බවත් ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කර සිටී.

Related posts

බුද්ධි කීර්තිසේන දිවි සිනමාවට සමුදෙයි

Admin

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ මුල් පුටුව ඉමිතියාස් බාකීර් මාකාර්ට !

colombotoday

මුදල් අමාත්‍යංශයේ ලේකම්ගේ සිටම හොරකමට සෘජුව සහ වක්‍රව සම්බන්ධයි – මන්ත්‍රී මදුර විතානගේ

colombotoday

තංගල්ල ධීවර කාර්යාලයේ ගින්නක්

Admin

ඥානසාර හාමුදුරුවෝ එදාට වඩා අද පරිණතයි. දුර ගමනක් තිබෙනවා. බැරි මොකද්ද කියලා හිතා ගන්න බෑ. | ඕමාරේ කස්සප අනු නාහිමි මූණටම කියති.

colombotoday

කොටහේනේ අන්තවාදය ගැන හින්දු ජනතාව දෙවියන්ට කියයි. කෝවිල් 200ක දී පූජා පවත්වා පොලුත් ගසයි.

colombotoday