Colombo Today Local News

අත්‍යවශ්‍ය ඖෂධ ගන්න අමෙරිකානු ඩොලර් මිලියන 100ක්

සෞඛ්‍ය අමාත්‍යාංශයට අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක් කඩිනමින් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිව හිමිව තිබේ.

අද (13)දින පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මේ බව පැවසීය.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ අරමුදල් යටතේ ක්‍රියාත්මක කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය හා ආපදා අවම කිරීමේ ව්‍යාපෘතිය මගින් සැලසෙන අමෙරිකානු ඩොලර් මිලියන 100ක අරමුදල් එලෙස අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට යොදාගැනීමට අනුමැතිය හිමිව තිබේ.

විදේශ විනිමය හිඟතාවය මත එම තීරණය ගත් බව ද අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

Related posts

ඥාණසාර හිමි ඝාතන කුමන්ත්‍රණයක් !.. පැමිණිල්ල විමසන්න පොලීසියට කැදවයි

colombotoday

විසර්ජන පනතට කතානායක අත්සන් තබයි

Admin

අලුතින් ගෑස් මිලදී ගන්න අයට පණිවිඩයක්

colombotoday

පුත්තමේ පුපුරා ගියේ ක්ලේමෝ බෝම්බයක් දැයි සැකයක්

colombotoday

සේයා ඝාතන පරීක්ෂණ වෙනත් පැත්තකට? තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

ISIS ත්‍රස්තයෙකුගේ හැටන් නිවසින් පිහි තොගයක් හසුවෙයි… කිතුණු පල්ලිවල ආරක්ෂාව තර කෙරේ…

colombotoday