Colombo Today Local News

ත්‍රිවිල් ඉස්සූ හතරක් අත්අඩංගුවට. අවුරුදු 14ක සැකකරුවෙකුත් ඒ අතර

ත්‍රිරෝද රථයක් සොරාගත් බව කියන බාලවයස්කරුවකු ඇතුළු සිවු දෙනකු අත්අඩංගුටව ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය පවසයි.

සැකකරුවන් අවුරුදු 14 – 38 අතර වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි. රුපියල් 4,20,000 පමණ වටිනා ත්‍රිරෝද රථයක් සොරාගෙන ගොස් ඇති බවට පොලිසියට ලද තොරතුරක් මත කළ විමර්ශනයකින් පසු මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සතුව තිබූ සොරාගත් බව කියන ත්‍රිරෝද රථ බැටරි, ඩීවීඩී කැසට් යන්ත්‍ර, ජංගම දුරකතනයක් ද පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරුවන් මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

සමාව නොගතහොත් නීතීඥ වෘත්තියෙන් දොට්ට දානවා – අධිකරණ ඇමතිගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

අරගලයේ ක්‍රියාකාරී සාමාජික ධනීස් අලි ඇතුළු 21කට විදෙස් ගමන් තහනමක්

colombotoday

අරණායක නායයාමෙන් පුද්ගලයන් රැසක් තවමත් අතුරුදන් – මළසිරුරු 6 ක් සොයාගැනේ

colombotoday

සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර කුණු කන්ද කඩා වැටුණා.. සිදුවූ ඛේදවාචකය ගැන කණගාටුයි

colombotoday

මහින්දගෙන් කොළඹට ඕමාර් කාමිල්.. එජාප බලකොටුව බිද වැටෙන ලකුණු !

colombotoday

බෞද්ධ සිද්ධස්ථාන පුරාවස්තු නැති කිරීම තමයි ජාතික අපරාධ – රවී කරුණානායක

colombotoday