Colombo Today Local News

අගමැති වෙනස් කිරීමේ කිසිම සූදානමක් නැහැ

විවිධ පුද්ගලයන් කුමක් කීවද අග්‍රාමාත්‍යවරයා වෙනස් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද(12)දින පැවසීය.

වර්තමාන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පරිනත දේශපාලනඥයකු බව ඔහු ක්‍රියාකලාපයෙන් තහවුරු කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ තේනුක විදානගමගේ මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ බාරගැනීමේ අවස්ථාවට සහභාගීවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරුන් පත්කළේ ව්‍යාවස්ථානුකූලව බවත් රාජ්‍ය අමාත්‍යවරුන්ට ලැබෙන්නේ මන්ත්‍රී වැටුපක් වන අතර ඔවුන්ට ලැබෙන වාහන ගණන පවා ඉතාම සීමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

පලෙයි පිපිරීමෙන් තුවාල ලබා සිටි සැකකරු මියයි

colombotoday

ජල ගාස්තුවටත් මිල සූත්‍රයක්? පුණ්‍ය ආයතන, රෝහල් සහ පාසල් වලට දෙන්න යෝජනා

Admin

පිස්සු හුටංලා එක්වී රේගුවට කරනා විනේ

colombotoday

මේ රට ගොඩනැගිය හැක්කේ හොරකම් නොකරන ජවිපෙ අපට පමණයි…

colombotoday

නා උයනේ අරියධම්ම නාහිමියෝ අපවත් වෙති

colombotoday

තවත් කතක් වන අලියෙකුට බිලි වෙයි

Admin