Colombo Today Local News

ලිට්‍රෝ ගැස් ලේබල් වංචාවක්.

බගවන්තලාව ප්‍රදේශයේ කාන්තාවක් (09) දින උදැසන මිල දි ගත් රතු පැහැති ලේබලය සහිත ලිට්‍රෝ ගැස් සිලින්ඩරය නිවසට රැගෙන ගොස් ලේබලය ගලවා ඉවත් කිරිමේදි රතු පැහැති ලේබලයට යටින් සුදු පැහැති පරණ ලේබලය තිබු බව එම කාන්තාව පැවසිය.

ලිට්‍රෝ ගැස් පාරිභෝගිකයන් නොමග යැවිමේ අරමුණින් එම සමාගම විසින් පැරණි ගැස් සිලින්ඩරයේ සුදු පැහැති ලේබලයට උඩින් රතු පැහැති ලේබලය අලවා ඇති බවයි එම කාන්තාව කියා සිටියේ.

බගවන්තලාව ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියොජිතයන් වෙත (09) දින එම සමාගම විසින් ගැස් සිලින්ඩර් තොග බෙදා හැරි අතර ,ඔහුන් සතු පැරණි ගැස් තොග වෙනත් දිනයක ලබා ගන්නා බවට සමාගම විසින් තමන්ට දැනුම් දුන් බවයි බගවන්තලාව ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන් කියා සිටියේ.

ගැස් අලෙවිය තවදුරටත් අඩුව පවතින බව හැටන් සහ බගවන්තලාව ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන් කියා සිටියි.

Related posts

සිරිමල්දෙනිය වත්තේ පුද්ගල ඝාතනයක්

colombotoday

නාමල් ගෙන්වා ප්‍රශ්න කරන්න.. ඕන නම් අත්අඩංගුවට ගන්න.. නීතිපති FCIDයට නිර්දේශ කරයි

colombotoday

ඔඩ්ඩුසුඩාන් කල්ලිය මෙහෙයවන්නේ ප්‍රංශ කොටියෙක්‌

colombotoday

මන්ත්‍රී රෝහිත ඇතුළු පිරිසක් හෙල්මට් නීති කඩයි..!

colombotoday

දඹුල්ලේ ලොරි,බස් ගැටුමක්. 35කට තුවාලයි

colombotoday

ලොකුම කුඩු තොගය පෑලියගොඩින් අල්ලයි.. වටිනාකම කෝටි තුන්සීයකට වැඩියි

colombotoday