Colombo Today Local News

රාජිතගේ ඩුබායි ගිණුමක ඩොලර් බිලියන 18ක් සගවලා !

පිවිතුරු හෙල උරුමයේ පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් කල ප‍්‍රශ්ණ කිරීමට ඔහු දුන් පිලිතුරු මෙසේය.

ප්‍රශ්නය – අගමැතිතුමා විශේෂ ප්‍රකාශයක් කරලා තියෙනවා 2007 සිට 2014 දක්වා සිදුවෙලා තියෙන විශාල ප්‍රමාණයේ මුල්‍ය වංචා සම්බන්ධයෙන් කඩිනමින් කොමිසමක් පත් කරලා හරි මොනයම් හෝ ක්‍රමවේදයක් යටතේ ඒ පිළිබදව හොයනවා කියලා එතනදී ඇගිල්ල දික්වෙන්නේ පසුගිය රජය සමයට ඒ සම්බන්දයෙන් මොකක්ද ඔබතුමාගේ අදහස

පිළිතුර – මුලින්ම කියන්න ඕනේ අගමැතිතුමා පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලනවා. බැඳුම්කර වාර්තාව පිලිබඳ බැඳුම්කර වාර්තාවේ අරවා තියෙනවා මේවා තියෙනවා යන ආදි වශයෙන් සඳහන් කරන්නේ අගමැතිතුමා සහ ජනාධිපතිතුමා. විවාද කරන්න ඕනේ නම් ඉස්සෙල්ලා වාර්තාව ප්‍රසිද්ධ කරන්න ඕනේ. අපිට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඇත්ත කියන කට්ටිය නම් කතාව විශ්වාස කරලා විවාදයට සහභාගිවෙන්න පුළුවන්. ජනාධිපතිවරණයේ සිටම මේ අය කියන්නේ පට්ට පල් බොරු බව මුළු රටම දන්නවා. නොදැන සිටි බැඳුම්කරය හොයන්න කලින් රත්තරං අශ්වයා සහ ලැම්බෝගිනි කාර් එකටයි මොකද වුණේ කියලා හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරන එක තමයි කාලෝචිත.

අපි ආණ්ඩුවට කියනවා අපියි විවාදය ඉල්ලුවේ. ඕනෑම දිනයක පාර්ලිමේන්තුවේ දී විවාදය කරන්න අපි සූදානම්. හැබැයි‍ මේ වාර්තාව ඉස්සෙල්ලා ප්‍රසිද්ධ කරන්න. එතකොට කාටද ඇගිල්ල දිගුවෙලා තියෙන්නේ කියලා හරියට රටටම දැනගන්න පුළුවන් වෙනවා. පිටු 1536කින් තමන් කැමති තැනක් උපුටා දක්වමින් රට නොමග යවනවා වෙනුවට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මේ වන විට කළ යුතුව තිබුණේ වහාම වාර්තාව රටේ හැමෝටම කියවිය හැකි පරිද්දෙන් සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ප්‍රසිද්ධියට පත් කිරීමයි. එහෙම නොකර තමන් අතේ පොතක් තියාගෙන අපේ පොතේ මේසේ ඇතේ කියමින් තමන්ට ඕනදේ කියවීම සදාචාර සම්පන්න නෑ.

අපි කියනවා පහුගිය ආණ්ඩුව සමයේ ඕනෑම වරදක් පිළිබදව විමර්ශන පවත්වන්න ආණ්ඩුව බලයට පත්වුනේ විමර්ශන පවත්වන්න පහුගිය අවුරුදු තුනම මොනවද කළේ එතකොට රාජපක්ෂවරු ගැන හොයන්න වෙනම බරපතල වංචා සේවිමේ කොමිසමක් පත් කලා. බැඳුම්කර කොමිසමේ හිටියේ කොමසාරිස්වරු තිදෙනෙක් පමණයි රාජපක්ෂවරු ගැන හොයන්න කොමසාරිස්වරු පස්දෙනෙක්ගෙන් යුතු කොමිසමක් පත් කලා. හොයා ගත්ත කිසිම දෙයක් නෑ. ඩුබායි බැංකුවක ඩොලර් බිලියන 18ක් තියෙනවා කියලා රාජිත සේනාරත්න ඇමතිතුමා හැමදාමත් කියනවා. කියව කියවා ඉන්නේ නැතිව අල්ලලා නඩු දාන්න පුළුවන්නේ නඩු දාලා මේ ඩොලර් බිලියන 18ට ලංකාවට ගෙනාවා නම් ලංකා ඉතිහාසයේ ඉසුරුමත්ම යුගය එතනින් පස්සේ උදාවෙනවා. අද දැනට ශ්‍රී ලංකාවේ විදේශ වත්කම් තියෙන්නේ ඩොලර් බිලියන 6යි ඒවගේ තුන් ගුණයක් බැංකු ගිණුමක තියාගෙන ආණ්ඩුව මොකද කරන්නේ අපිට සාධාරණ සැකයක් තියෙනවා එහෙම දෙයක් තිබුණා නම් ඩොලර් බිලියන 18ට රාජිත සේනාරත්න ඇමතිතුමාගේ ගිණුමකට මාරුවෙලා කියලා. නැත්නම් මේ වන විට මේවා ලංකාවට අරගෙන එන්න ඕනේ.

ප්‍රශ්නය – බරපතල වංචා විමර්ශන කොමිසන් සභා වාර්තා පිළිබඳ ජනාධිපතිතුමා නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයි?

පිළිතුර – ඒක අහන්න ඕනේ ජනාධිපතිතුමන්ගෙන්. ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු සුන්වෙලා කියන එකයි අපිට මතක. මේ කොමිෂන් සභා දෙකේම වාර්තා ගැන අපිට උපකල්පන ගොඩනගන්න දෙයක් නෑ. මේ කොමිසන් සභා දෙකම ප්‍රසිද්ධියේ සාක්ෂි විමසීම කළේ. හැමදාම රෑට මෙගා ටෙලි නාට්‍යයක් බලනවා වගේ දිනපතාම ආණ්ඩුවේ උදවිය බැඳුම්කර කොමිසමටත් විපක්ෂයේ උදවිය බරපතල වංචා සේවිමේ කොමිසම වෙත සාක්ෂි දෙන්න යනවා දැක්කා. රාජපක්ෂවරු සියළුම දෙනා ගියා. මේ එක්කෙනෙක්වත් මම දන්නේ නෑ මට මතක නෑ අහන්කෝ වයිෆ්ගෙන් නෝනා තමයි දන්නේ අන්න එහෙම උත්තර දුන්නේ නෑ. කිසිම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මාධ්‍යවල ප්‍රධාන සිරස්තලය වන ප්‍රකාශයක් කිසිවෙක්ගේ කටින් කියවුණේ නෑ. අන්තිමට ඒ කොමිසම පුස්සක් බවට පත් වුණා.

නමුත් බැඳුම්කර කොමිසම මාධ්‍ය වලට ප්‍රවෘත්ති මවපු දිනෙන් දින ආණ්ඩුව බරපතල ලෙස වංචා කළේ කෙසේද එය වසා ගැනීමට තර්ජන ගර්ජන කළේ කේසේද අල්ලස් දී තිබෙන්නේ කෙසේද යන්න කියන එක රටේ ජනතාව දැනගත්තා. ඒ නිසා බරපතල වංචා සේවිමේ කොමිසම ගැන කතා කිරීමෙන් ජනාධිපතිතුමාට අවාසියක් මිස වාසියක් නැතුව ඇති ඒකයි ඒ ගැන නිහඩව සිටිමෙන් පේන්නේ.

– අරවින්ද අතුකෝරල

Related posts

මම නැත්නම් මහින්ද තවමත් ජනාධිපති – ෆොන්සේකා.

colombotoday

ආපදා මරණ 16 දක්වා ඉහළට… 127913ක් පීඩාවට පත්වෙයි.. මහ වැසි තවදුරටත්

colombotoday

ලෝකෙන් උතුම් මව්වරුන්ගේ රට ලංකාවයි.. මව්කිරි දීම සම්බන්ධයෙන් ලොව පළමු තැන අපටයි

colombotoday

සාරි අනිවාර්ය කිරීමේ චක්‍රලේඛය අහෝසි කරයි

colombotoday

අරාබි සංචාරක සමුළුවට ශ්‍රී ලංකාවත් එක් වෙයි

Admin

දයාසිරි මහින්දගෙන් සමාව ගත්තා. ජනාධිපතිවරණයට මෛත්‍රී හෝ ගෝටා – ඩිලාන්

colombotoday