Colombo Today Local News

යාපනයේ සුසාන භූමියකින් මතු වූ අධිබලැති පුපුරණද්‍රව්‍ය

යාපනය,නල්ලූර්,චෙම්මනි හින්දු සුසාන භූමිය තුළ සැක කටයුතු පාර්සලයක ටි.එන්.ටි වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්රැම් තුනයි ග්රැම් 775 ක් ඊයේ(08)දින සවස සොයාගත් බව යාපනය පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ යුද හමුදා නිළධාරීන් වෙත ලද තොරතුරක් මත අදාළ සැක කටයුතු පාර්සලය සොයාගෙන ඇති බවයි.

සැක කටයුතු පාර්සලය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ , යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය පරීක්ෂා කළේය.

පාර්සලය තුළ ටි.එන්.ටි වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්රැම් තුනයි ග්රැම් 775 ක්, සේවා නූල් කොටසක් හා ඩෙටනේටර් දෙකක් තිබි සොයාගෙන ඇති බවද පොලිසිය පැවසූහ.

අදාළ පුපුරණ ද්‍රව්‍ය,සේවා නූල් හා ඩෙටනේටර් කුමන කටයුත්තක් වෙනුවෙන් ගෙනා ඒවාදැයි සොයා පරීක්ෂණ පවත්වන බව පොලිසිය වැඩි දුරටත් පවසයි.

Related posts

ඉස්ලාම් අන්තවාදී තහනමට එරෙහිව මුස්ලිම් සංවිධාන කිහිපයක් අධිකරණයට

colombotoday

රෝගීන් සංඛ්‍යාව 592 දක්වා ඉහලට

colombotoday

කොවිඩ් නීති නොතැකූ පෑලියගොඩ නාගරික මන්ත්‍රීගේ අවමඟුල

colombotoday

ජපාන යුධ නැව් දෙකක් කොළඹ වරායේ නැංගුරම් දමයි…

colombotoday

ප්‍රහාරය එල්ල කළේ ඉස්ලාම් අන්තවාදීන්… නවසීලන්ත ප්‍රහාරයට පළිගැනීමක් – ආරක්ෂක ඇමති

colombotoday

දෙමළ සන්ධානයේ ප්‍රබලයෙක් එජාපයට එක්වෙයි !

colombotoday