Colombo Today Local NewsUncategorized

කොළඹ වරායේ දේපළවලට හානි කිරීමේ නඩුවෙන් රවි ඇතුළු හයක් නිදහස්

කොළඹ වරායේ දේපළවලට හානි කළැයි පවරා තිබූ නඩුවෙන් හිටපු ඇමැති රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 06 දෙනකු නීතිපතිවරයා ලබාදුන් උපදෙස් පරිදි නිදහස් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඊයේ (08)දින තීරණය කළේය.

මෙලෙස නිදහස් කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, රවි කරුණානායක,ආර්. යෝගනාදන්,වෘත්තීය සමිති නියෝජිතයන් වන උදේනි කළුතන්ත්‍රි සහ ජී.අයි. රණසිංහ යන විත්තිකරුවන් සයදෙනෙකි.

විත්තිකරුවන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස සිටියදී 2014 ඔක්තෝබර් 21 වැනිදා කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවක් සිදුකර තිබූ අතර, එහිදී නොසන්සුන්තාවයක් හටගෙන තිබුණි. එම සිද්ධියේදී කොළඹ වරායේ දේපළවලට හානිකර, වෘත්තීය සමිති සේවකයන්ට පහර දෙන ලදැයි නීතිපතිවරයා විසින් ඔවුන්ට එරෙහිව චෝදනා නගා තිබුණි.

Related posts

පොලිස්පති හා නීතිය නවන පොලිෂ්පති !

colombotoday

සංධානයේ බලය පෙරලා එජාපයට බලය ලබා දුන්නේ ජනපති මෛත්‍රීයි – හරීන් කියයි

colombotoday

ගුවන් හමුදා ඩ්‍රෝන යානයක් දියවන්නාවට කඩා වැටෙයි

colombotoday

කොවිඩ් ආසාදිතයා ෆේස්බුක් සටහනක් තබමින් කල අනාවරණයක්

colombotoday

පාඨලීගේ රිය අනතුරු නඩුව විභාගයට දින නියම කරයි

colombotoday

මේ සිකුරාදාට අර්ථිකයකට වෙන දේ මෙන්න.. විමල් වීරවංශගෙන් විශේෂ හෙළිදරව්වක් !

colombotoday