Colombo Today Local NewsHot News

වීෂ ශරීරගත කළ කතාව බොරුවක්.. පුණුරුත්ථාපනය වූ හිටපු LTTE සාමාජිකයන් කියයි

56d82ddg

පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්. ටී. ටී. ඊ සාමාජිකයින්ට විෂ එන්නත් ශරීර ගතකර ඇත්ද යන්න පිළිබඳව ජාත්‍යන්තර වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පරීක්ෂණයක් කළ යුතු බවට වන යෝජනාවක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂවරන් විසින් පළාත් සභාවට ඉදිරිපත් කර තිබේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් දිනමිණ ඔන්ලයින් සමඟ අදහස් දැක්වූ පුනුරුත්තාපනය ලැබූ හිටපු එල්. ටී. ටී. ඊ සාමාජිකයෙකු වන විමලනන්දන් පැවසුවේ එම චෝදනා අසත්‍ය බවයි.

ඔහු දැක්වූ අදහස් පහතින්,

නෙළුක්කුලම් පුනුරුත්තාපන කඳවුරේ 1300ක් පමණ දෙනෙක් හිටියා. කෑම බීම ඉවුවේ අපිමයි. කෑම පිටින් උයලා ගේන්නේ නැහැ. අපි වගේම අපිව බලාගන්න හිටපු හමුදාවේ අයත් එකම කෑම තමයි කෑවේ.

මම මාස 23යි දවස් 20ක් පුනුරුත්තාපන කඳවුරේ හිටියා. හැබැයි ඒ වගේ එන්නතක් හරි බෙහෙත් දෙන එකක් හරි සිද්ධ වුණේ නෑ කියලා මට වගකීමෙන් කියන්න පුළුවන්.

උතුරේ සමහර දේශපාලඥයින් බොරු කතා කියනවා දේශපාලන වාසි ගන්න. දෙමල සන්ධානයේ අයයි උතුරේ ජාතිවාදය පතුරන්න හදන මාධ්‍යයි තමා මේ බොරු සමාජ ගත කරන්නේ. මම දන්නා තරමින් අපිට එන්නත් දුන්නේ නැහැ.

ජනතාව තේරුම් ගන්න ඕනේ දෙමල සන්ධානය සහ රටේ සංහිදියාවට අකමැති අය කියන කටකතා මිසක් මේ එන්නත් කතාවේ කිසිම සත්‍යතාවයක් නැහැ.

(විශේෂ ස්තුතිය : යාපනය ආඥාපති මේජර් ජෙනරල් මහේෂ් සේනානායක මහතාට)

අසංක බණ්ඩාර, විමුක්ති දුෂාන්ත සහ චේනක වික්‍රමාරච්චි යාපනය ප්‍රදේශයේ සිට

Related posts

ඇමරිකා MCC ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර අත්සන් කරනවා – මංගල

colombotoday

මහින්දගේ ආරක්ෂකයන් 42ක් එකවර ඉවත් කරයි

colombotoday

මන්ත්‍රී වරප්‍රසාද කඩවූයේ යැයි ඇමති කාංචන කථානායකට ලියයි

Admin

වේගවත්ම සෙල්ලම් මෝටර් රථය

Admin

ජනපතිගේ සංහිදියා වැඩේට මුස්ලිම් නායකයන්ගේ උපරිම සහය…

colombotoday

කටුනායක කොරෝනා ආසාදිතයන් 213ක්.. සියළු සේවකයන්ට පුද්ගලික වාහන තහනම්

colombotoday