බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුස්ලිම් ජනයාට සහ ඉස්ලාම් ආගමට අපහාස කළායැයි පවසමින් අංක 17/12 A කර්ල්ෂු ගාර්ඩන්, බොරැල්ල, කොළඹ 8 ලිපිනයේ පදිංචි මෂුඩ් මොහොමඩ් රිනාෂ් නමැති පුද්ගලයකු විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත.
එම පැමිණිල්ලට අනුව පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා විසින් අධිකරණයට දක්වනලද කරුණු සලකිල්ලටගත් මහේස්ත්‍රාත්වරයා, අදාල මාධ්‍ය සාකජ්ජාවට අදාල සී.ඩී පට අපරාධ කොට්ඨාශයට බාරදෙන ලෙස විද්‍යුත් නාලිකා කිහිපයකට නියෝගකර සිටියා.
අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී, ඉස්ලාමය නමැති පිළිකාව සංවාදයක් කර අතුගා දැමිය යුතු බවත් නොඑසේනම් අනාගත පරපුර තමන්ට ශාප කරනු ඇති බවත් ඥානසාර හිමි සදහන් කර සිටි අතර ඉස්ලාමය හුරතල් කිරීමේ අනිටු විපාක අද යුරෝපා රටවල් අත්විදින බවත් සදහන් කර සිටියා.
ඉස්ලාමයට අපහාස කළේ යැයි තමන්වහන්සේට තවත් නඩුවක් පැවරීම සම්බන්ධයෙන් මේ වන විට කොරියාවේ සංචාරයක නිරතව සිටින ඥාණසාර හිමියන් සිලොන් ලීඩර් වෙබ් අඩවිය සමග මෙසේ අදහස් ඵලකර තිබෙනවා.