Colombo Today Local News

නීතිපතිට බාලගිරි දොස වැළදේ ! සම්බුදු හිමියන්ට අපහාස කිරීමේ නඩුවට උසාවිය ඉල්ලූ උපදෙස් තාම නෑ

fgt62656සම්බුදු හිමියන් මිනීමස් වැළදූ බවට සහ බුදු දහමේ කරුණු විකෘති කරමින් අපහාසාත්මක වීඩියෝවක් රට පුරා බෙදාහැරීම සම්බන්ධයෙන් තව්හීද් ජමාත් ඉස්ලාමීය සංවිධානයට එරෙහිව ගොණුකර තිබූ නඩුව අද (04) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනු ලැබීය.

අදාළ නඩුව ඉදිරියට පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් උසාවිය නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ල තිබුණු අතර මේ වන තෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බවින් නඩුව ලබන දෙසැම්බර් 15 දක්වා කල්තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

බුදු දහමට නිග්‍රහ කොට එය මිත්‍යාදෘෂ්ඨියක් බව පවසමින් බෞද්ධ ජනතාව කුපිතකොට ආගමික කෝලහාලයක් ඇති කිරීමට අදාළ දේශනයෙන් පැහැදිලි ලෙසම උත්සහා කර ඇති බවට අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර මහා නාහිමියන්ගේ මූලිකත්වයෙන් යුතු ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදන මණ්ඩලය විසින් නිකුත් කළ වාර්ථාව පසුගිය නඩු වාරයේදී උසාවියට ඉදිරිපත් කරනු ලැබිණි.

අදාළ වාර්තාවට අනුව විත්තිකරුවන් සම්බන්ධයෙන් කෙසේ ක්‍රියාකළ යුතුදැයි යන්න මහෙස්ත්‍රාත්වරයා විසින් නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා තිබිණි.

තව්හිද් ජමාත්, බුදු දහමට අපහාස කළාද නැද්ද? බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්තාව මෙන්න

Related posts

සුරාබදු පනත සංශෝධනය යෝජනා ඉදිරිපත් කිරීමට නීතිඥවරුන් 12 දෙනෙකු ඇතුළු කමිටුවක්

colombotoday

මගේ අමාත්‍යාංශයට දී ඇත්තේ බෝඩ් ලැලි අයතන 04ක් පමණයි… මගෙන් පලි අරන්…

colombotoday

ස්ථීරවම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා… ඇමරිකන් පුරවැසිභාවය අත්හැරියේ එනිසයි…

colombotoday

බුද්ධි අංශ හෙළිදරව් කරද්දීත් ලංකාවේ ISIS ත්‍රස්තයන් නැතැයි කියන NGOවේ පැටිකිරිය මෙන්න

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාෆියාකරුවෝ බෙහෙත් වෙනුවට රටට වස කවන්න සැරසෙයි!

colombotoday

යාපන අර්ධද්වීපයෙන් තරුණ තරුණියෝ 1600 යුද හමුදාවට

colombotoday