Colombo Today Local News

බෞද්ධ විහාරස්ථාන උතුරෙන් ඉවත් කරන්න කාටවත් බෑ – ඇමති ස්වාමිනාදන්

උතුරේ වෙහෙර විහාරස්ථාන කිසි විටෙකත් ඉවත් කළ නොහැකි බව බන්ධනාගාර පුනරුත්තාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා පවසයි.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ කිලිනොච්චියේ පැවති වැඩසටහනකට සහභාගී වෙමිනි.

බෞද්ධ වෙහෙර විහාර මෙන්ම බුදු පිළිම ඉදිකිරීමේ අයිතිය භික්ෂූන් වහන්සේලාට හා සිංහල ජනතාවට ඇති බවත් උතුරේ ඉදි කළ බෞද්ධ විහාර හෝ බුදුපිළිම කිසිවිටෙක ඉවත් නොකරන බවද ඉදිකර ඇති බෞද්ධ වෙහෙර විහාර හා බුද්ධ ප්‍රතිමා ඉවත් කිරීමට උත්සාහ කළ හොත් එය විශාල ගැටළුවක් බවට පත් වනු ඇති බව ද අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් අවධාරණය කර ඇත.

කිළිනොච්චිය ඉරණමඩු ප්‍ර දේශයේ ඉදිවෙමින් පවතින බුද්ධ ප්‍රතිමාවේ ඉදිකිරීම් කටයුතු නතර කරන ලෙස දෙමළ ජාතික සන්ධානයේ මැදිහත්වීමෙන් උතුරු පළාත් සභාව විසින් යෝජනාවක් පසුගියදා සම්මතකරගත් අතර, බුදු පිළිම වහන්සේ ඉදිකරන ඉඩම රජයට අයත් එකක් බැවින් එහි ඉදිකිරීම් අත්හිටුවීමට පළාත්සභාවට බලයක් නොමැති බවද සදහන් වනවා.

Related posts

නැදුන්ගමුවේ හස්ති රාජයා මිය යයි

colombotoday

ඇමැති 12 කට වාහන ගන්න කෝටි 53ක් වෙන්කරයි

colombotoday

සිරගත කර සිටි තවත් හිමිවරුන් පස් නමකට ඇප

colombotoday

බන්ධනාගාර රෝහලට ඇතුලත්වෙන්න හැදු රූමි මොහොමඩ් යලි හරවා යැවේ.

colombotoday

මහවැලියේ ගිලී දරුවෙක් මරුට

Admin

කොළඹ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇදිරිනීතිය

colombotoday