Colombo Today Local News

ඇමති අකිල රජයේ මුදලින් එක්ලක්ෂ තිස්දාහක ‘ටැබ්’ එකක් අරන්. ගත්තේ ඊමේල් බලන්නලු

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යාංශයේ මුදලින් රුපියල් එක්ලක්ෂ තිස්දාහක් වටිනා ටැබ් පරිගණකයක් මිලදී ගෙන ඇති බවත් එය අලුත්වැඩියා කිරීම සදහා තවත් රුපියල් තිස්දහසක මුදලක් අමාත්‍යාංශ වියදමෙන් දරා ඇති බවටත් පසුගිය දිනවල වෘත්තීය සමිතිවලින් විවේචන ඉදිරිපත් විය.

ඊයේ (07දා) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ අමාත්‍යවරයෙකු සතු වරප්‍රසාද යටතේ එය ලබාගත් බවයි. ඊමේල් පරික්ෂා කිරීම සදහා තමන් එය ගත් බවත්, ඒ නිසා ඇමතිවරයෙකු වශයෙන් තම රාජකාරී පහසු වී ඇති බවත් එබැවින් ඒ සඳහා කරන වියදම නාස්තියක් නොවන බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර සිටියා.

Related posts

මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි අයෙක් අල්ලයි

Admin

තරගාවලි ජය ශ්‍රී ලංකාවට

Admin

අමල් පෙරේරා සහ DIG නාලක ද සිල්වා අතර දැඩි සබඳතාවක් තිබිලා. CID ය අධිකරණයට දන්වයි

colombotoday

දේශපාලන වාසිය වෙනුවෙන් තොණ්ඩමන්ගේ මරණය විකුණන් කෑවා

colombotoday

මුස්ලිම් ජාතිකයෙකුගේ ඉඩමකින් ටී 56 ජීව උණ්ඩ සොයා ගැනේ

colombotoday

කතාන්දර පොත් වල සගවා ගෙනා කෝටි 23 කොකේන් කටුනායක දී අල්ලයි

Admin