World

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත භීතිකාව: පල්ලිවලට යෑමේදී ප්‍රවේශම්වන්න.. බ්‍රිතාන්‍ය පොලීසිය අනතුරු අගවයි

2016-08-07_154249

උතුරුදිග ප්‍රංශයේ රෝන් හි කතෝලික පල්ලියකදී 84 හැවිරිදි පූජකවරයෙකුගේ ගෙල කපා ඝාතනය කිරීමෙන් පසු බ්‍රිතාන්‍යෙයේ සියළුම පල්ලිවල ආරක්ෂාව තර කිරීමට බ්‍රිතාන්‍ය බලධාරීන් තීරණය කර තිබේ.

ප්‍රංශ ජාතික ඉල්සාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් දෙදෙනෙකු පල්ලියට කඩා පැන ජැක් හැමල් නමැති වයෝවෘද්ධ පූජකවරයකුගේ ගෙල කපා ඝාතනය කර තිබුණේ ඉකුත් ජූලි 27 වනදායි. පසුව ප්‍රංශ පොලීසිය විසින් ඔවුන් දෙදෙනා වෙඩි තබා මරා දමන ලදි.

බ්‍රිතාන්‍ය තුළ ක්‍රිස්‌තියානි සහ කතෝලික පල්ලි හතළිස්‌ හත්දහසක්‌ තිබේ. ඒ සියල්ලෙහිම ආරක්‌ෂාව තර කොට හදිසි අවස්‌ථාවකදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස්‌ දී තිබෙන බව නියෝජ්‍ය පොලිස්‌ කොමසාරිස්‌ නීල් බාෂ් පවසයි.

බ්‍රිතාන්‍ය පල්ලිවලට පහර දීමක්‌ පිළිබඳව මෙතෙක්‌ බුද්ධි අංශවලට වාර්තා වී නැතත් සියලු දෙනාම සීරුවෙන් සිටිය යුතු බව ඔහුගේ අදහසයි. බ්‍රිතාන්‍ය තුළ ක්‍රිස්‌තියානි සහ කතෝලික ලියාපදිංචි බැතිමතුන් මිලියන 5.4 ක්‌ සිටින අතර පල්ලියට යැමේදී පරික්‌ෂාකාරී වන ලෙස නියෝජ්‍ය පොලිස්‌පතිවරයා සියල්ලන් ගෙන්ම ඉල්ලීමක්‌ කර ඇත.

Related posts

රුසියාවේ පාසලක වෙඩි තැබීමකින් 6 දෙනෙක් මරුට…

colombotoday

අමෙරිකාවෙන් යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබා දුන් බවට හෙළිදරව්වක්

Admin

දකුණු රුසියාවට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාර

Admin

ඩ්‍රෝනා ප්‍රහාරයකින් අල්කයිඩා නායක අබ්දුල් හමීඩ් අල් මාතාර් ඝාතනය කෙරේ

colombotoday

රැජිනගේ දේහයට අවසන් ගෞවර දැක්විමට එන රාජ්‍ය නායකයන්ට උපදෙස් මාලාවක්

colombotoday

ලෝක බැංකුවට නව සභාපතිවරයෙක්

Admin