පෙරේදා 21 දින නැගෙනහිර පලාත් සභාවේ 61 වන සැසිවාරය පැවැත්වුනු අතර එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ආර්.එම්. අස්වර් මහතා විසින් පෞද්ගලික යෝජනාවක් වශයෙන් බොදු බල සේනා සංවිධානය තහනම් කල යුතුයැයි යෝජනාවක් ගෙනවිත් තිබෙන බව වාර්තා වෙනවා.
එම යෝජනාව අනුමත කරමින් උඩුමාන් ලෙබ්බේ මන්ත්‍රීවරයාද ප්‍රකාශයක් සිදු කර ඇති අතර ත්‍රිකුණාමල දිස්ත්‍රික් පලාත්සභා මන්ත්රීනී සහ මහා මාර්ග සංවර්ධ ඇමිතිනි ආරියවති ගලප්පත්ති මහත්මිය කිසිම ආගමක අන්තවාදී ක්‍රියා තමන් අනුමත නොකලත් බෞද්ධ සංවිධානයක් වශයෙන් බොදුබල සේනා සංවිධානය රටට අත්‍යවශ්‍ය බව සදහන් කර තිබෙන බව වැඩිදුරටත් වාර්ථා වෙනවා.