පසුගිය ජනාධිපතිවරණ සමයේ කහවත්ත ප්‍රදේශයේ එජාප ආධාරකරුවෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇපමත නිදහස් කර ඇතැයි වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරාතුව ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.
කෙසේ වෙතත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියද ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී යන අය පසුගිය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද යළි තේරී පත්විය.