Colombo Today Local News

රාජපක්ෂ බල බිදින්න චන්ද්‍රිකා නැවත සටනට.. ආණ්ඩු විරෝධී ‘බලවේගය’ ශ්‍රීලනිපයෙන් නෙරපන්න තීන්දුයි !

mahinda slupfඉදිරි කාලය තුළ පවතින ආණ්ඩුවට විරුද්ධව කුමන බලවේගයක් නිර්මාණය කළත් එහි මූලිකත්වය ගන්නා සියල්ලන් ශ‍්‍රීලනිපයෙන් නෙරපා හරින්නට සියලූ සැලසුම් සකස් කර ඇතැයි ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක් ප‍්‍රකාශ කළේය.

ශ‍්‍රීලනිපයේ හිඳිමින්ම එක්තරා කල්ලියක් මේ අවස්ථාව වනවිට බැසිල් රාජපක්ෂ සමග පක්ෂය දෙකඩ කිරීමට ජන හමු පවත්වමින් යන බවද ඔවුන් ශ‍්‍රීලනිපයෙන් ඉවත් නොවී ආණ්ඩු විරෝධී බලවේගයක් ගොඩනඟන බව කීවද කුමන හෝ වේශයකින් නව පෙරමුණක් හෝ පක්ෂයක් කරලියට පැමිණියහොත් එයට සම්බන්ධ වන සියල්ලන් පක්ෂයෙන් නෙරපා හරින බවද ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

කයිවාරු වලට බය නැ :

මේ පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරයකුගෙන් කරුණු විමසීමේදී ඒ මහතා ප‍්‍රකාශ කළේ තම කණ්ඩායම ආණ්ඩු විරෝධී බලවේගයක් ගොඩනැගීම දැනටමත් ආරම්භ කර ඇති බවය.

තම කණ්ඩායම ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ කයිවාරු වලට බය නැති බවද ප‍්‍රකාශ කළ ඒ මහතා, තමන් ඇතුළු කණ්ඩායම පක්ෂයෙන් ඉවත් කිරීම පහසු නැති බවද ප‍්‍රකාශ කළේය.

චන්ද්‍රිකා යලි රාජපක්ෂවරුන්ට එරෙහිව :

මේ අතර පසුගිය 6 වැනි දින රාත‍්‍රියේදී අහුන්ගල්ල ප‍්‍රදේශයේ හෝටලයකදී සාදයක් සමග සාකච්ඡාවක් පැවැත්වී ඇති අතර, එයට චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද අමරවීර, අතාවුද සෙනෙවිරත්න, රෙජි නෝල්ඞ් කුරේ, ඉසුර දේවප‍්‍රිය, දුමින්ද දිසානායක ආදි ශ‍්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් බොහෝ ප‍්‍රමාණයක් සහභාගි වී ඇත.

එහිදීද පක්ෂයේ ඉදිරි ප‍්‍රතිසංවිධානය සහ විශේෂයෙන් බැසිල් රාජපක්ෂ මූලිකත්වයෙන් ගොඩනැෙඟන බලවේගයට විරුද්ධව කටයුතු කරන්නේ කෙසේදැයි සාකච්ඡාවට ලක්වී ඇත.

(රාවය)

Related posts

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් දීම නවත්තන්න ජාතික ප්‍රතිපත්තියක්

Admin

සර්ව බලධාරී දෙවියන් මැව්වේත් බොදු බල සේනා ද ? – බොදු බලය උලමාගෙන් අසයි

colombotoday

අභියාචනාධිකරණ තීන්දුවෙන් පසු ජනපතිගෙන් විශේෂ නිවේදනයක්… ඊළගට කරන ඕන දේ කියයි

colombotoday

පාර්ලිමේන්තු නිලධාරීන් ඉවත් කිරීමේ ආණ්ඩුවේ උත්සහයක්?

Admin

දෙමල සන්ධානයට පහසුතැන එජාපයයි – පාලිත රංගේ බණ්ඩාර කියයි

colombotoday

දෙමළ සන්ධානයට කනේ පහරක්… හමුදා කදවුර ඉවත් කරනවාට එරෙහිව තිරුක්කෝවිල් වැසියෝ උද්ඝෝෂණයේ..

colombotoday