Colombo Today Local News

දෙමල ජනතාව පැරිසියේ කොටි හැර යති – උද්ඝෝෂණය අසාර්ථකයි

පැරීසියේ සිට ක්‍රියාත්මක වන එල්ටිටිඊ සංවිධානයට සහාය දක්වන කණ්ඩායමක් විසින් පැරීසියේ කලාප අංක 11හී පිහිටි මහජන (රිපබ්ලික්) චතුරශ්‍රයේදී මාර්තු 01 වැනිදා උද්ඝෝෂණයක් පැවැත්වීය.

“දෙමළ ජන සංහාරය හෙළා දැකීම” හා “දෙමළ නිජබිම රැක ගැනීම සඳහා” යනුවෙන් වැකි සඳහන් බැනරයක් එල්ලා ගෙන 20 දෙනෙක් පමණ මෙම උද්ඝෝෂණයට සහභාගිවී සිටියහ.
මීට වසර 10 කට පමණ පෙර ඔවුන් සංවිධානය කළ මෙවැනි උද්ඝෝෂණ වලට දහස් ගණනක් පැරීසියේ දෙමළ ජනතාව සහාය දැක්වුවද මේ වනවිට ඔවුන්ගේ අනුගාමිකයින් විශාල ප්‍රමාණයක් ඔවුන් අතහැර ගොස් ඇති බව ඉහත උද්ඝෝෂණය සාක්ෂි දරයි. ඒ අතරම ලබන මාර්තු 06 ඔවුන්ගේ උද්ඝෝෂණයක් ජිනිවා හී එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට පැවැත්වෙන බව සඳහන් පත්‍රිකාද බෙදා හරිමින් තිබිණ.
ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර ඇති සිංහල දෙමළ සංහිඳියාව හා උතුරු නැගෙනහිර ජීවත් වීමේ නිදහස හා සංවර්ධනය ගැන විදේශ ගත දෙමළ ජනතාවගේ විශාල විශ්වාසයක් ගොඩ නැගී ඇති අතර ඒ හේතුවෙන් එල්ටිටිඊ සංවිධානයට හෝ එයට සහාය දක්වන සංවිධාන වලට සහාය දක්වන දෙමළ ජනතාව ඔවුන්ට තවදුරටත් ඇහුම්කම් නොදෙන තත්වයක් උදා වී ඇති බව පෙනෙන්නට තිබේ.

Related posts

අපේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න පුලුවන් ජනතාව වෙනස් වුනොත් විතරයි

Admin

හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

colombotoday

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑමේ රතු නිවේදන

Admin

යෝෂිත 25 දක්වා යළි රිමාන්ඩ්

colombotoday

එක්සත් ජාතික පක්ෂයට දරුණු පරාජයක් – එක් ආසනයක්වත් නොලැබෙන හැඩ

colombotoday

කෝටි 5000ක බාල පිළිකා ඖෂධ ගෙන්වීමේ උත්සාහය නතර කරන්න වෛද්‍ය සංගමය ජනපතිගෙන් ඉල්ලයි

colombotoday