Colombo Today Local NewsHot News

ජාතික ආරක්‍ෂාවේ මහ සිදුරක්… ‘ආරක්‍ෂක මණ්ඩලයේ රහස් වාර්තා පිටස්තර පුද්ගලයන් අතට’ – අනුර දිසානායක හෙළිකරයි

ආරක්ෂක මණ්ඩලයේ රහස්‍ය වාර්තා සහ බුද්ධි අංශ රහස්‍ය වාර්තා ආරක්‍ෂක ඇමතිවරයාට පෙර වෙනත් පාර්ශවයන් අතට පත්වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධානයක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (04 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ආරක්ෂක අංශ දේශපාලනීකරණය වී ඇතැයි ද එනිසා මෙලෙස ආරක්ෂක මණ්ඩලයේ රහස්‍ය වාර්තා මෙන්ම බුද්ධි වාර්තා ද ආරක්ෂක ඇමතිවරයා අතට පත්වීමට පෙර වෙනත් අය අතට පත්වන බව ද දිසානායක මහතා පැවසීය.

එසේ වෙනත් පාර්ශවයන් අතට පත් වූ ආරක්ෂක මණ්ඩල රහස්‍ය වාර්තා තමන් අතට ද ලැබී තිබෙන බව හෙතම පැවසීය.

අනුර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කරද්දී ආරක්ෂක ඇමති ධූරය දරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සභා ගැබෙහි අසුන් ගෙන සිටියේය.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේන මහතා ඊයේ පාර්ලිමේන්තුව අමතමින් පැවසූවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වූ කටයුතු තම රජය ඉතාමත් වගකීමෙන් විශිෂ්ඨ ලෙස සහ ශ්‍රේෂ්ඨ ආකාරයෙන් ඉටු කරන බවයි. ජාතික ආරක්ෂාවට අබ පියල්ලක තරම්වත් දුර්වලතාවයක් වීමට ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා පැවසීය.

– මූලාශ්‍රය දිවයින

Related posts

තරුණයකු දීර්ඝ කාලයක් සිර කරන්න හොඳ නෑ. සිද්ධිය වෙද්දී බීලා ඉදල තියෙනෙ. එනිසා දුමින්ද සිල්වා නිදහස් කරන්න

colombotoday

චීන ජාතිකයන් ගැන ලංකාවේ ඇතැම් අයගේ ක්‍රියාකලාපය පිළිබදව චීන තානාපති කණගාටුව පලකරයි !

colombotoday

පොල් මිළ ඉහළ යද්දී ෆාම් තෙල් කලවම් බාල පොල්තෙල් වෙළඳපොලට !

colombotoday

ඩීල් එකක්! සෞඛ්‍ය සේවයෙන් කොටසක් ඉන්දියාවට…?

colombotoday

ඇමති හරීන්ට සහ ජනපති සොයුරු කුමාරසිංහට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් !

colombotoday

අකාර්යක්ෂම රාජ්‍ය සේවය සමඟ රටට ගමනක් නෑ

Admin