Colombo Today Local News

මද්දට හසුව සිටියදී බෙරා ගත් දිවියාට ප්‍රතිකාර කර කැළෑවට මුදාහරී

අරණායක, කලුගල කලෑ ප්‍රදේශයකදී මද්දකට හසුව සිටියදි බේරා ගනු ලැබු දිවියාට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව නැවත සුදුසු කැළෑවකට මුදා හැරීමට පියවර ගත්බව වනජීවී නිලධාරීහු පවසති.

ශ්‍රී ලංකාවට පමණක් ආවේණික, විද්‍යාත්මකව පැන්තරා පාර්ඩුස් නමින් හඳුන්වනු ලබන මෙම දිවියා අවුරුදු තුනත් හතරත් අතර වයසේ පසුවන ඉතාමත් නිරෝගී පිරිමි සතෙකු බව වනජීවී නිලධාරීහු පවසති.

මෙම දිවියා ඊයේ (03)දින එම ප්‍රදේශයේදී මද්දකට හසුව සිටියේය. නුවරඑළිය, හග්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන්, වනජීවී මධ්‍යම කලාපයේ රන්දෙණිගල පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය අකලංක මහතා ඇතුළු වනජීවී නිලධාරී කණ්ඩායම විසින් දිවියාගේ දිවි ගලවාගනු ලැබ ඇත.

Related posts

අළුත් අවුරුද්දට සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක්…

colombotoday

ඉන්ෆ්ලුවෙන්සා රට පුරා !

colombotoday

පොහොට්ටුවේ ආධාරකරුවන් දෙදෙනෙකුට වැල්ලම්පිටියේදී පහරදිමක්

colombotoday

බ්‍රිතාන්‍ය විදේශ ඇමති අද එයි.. හෙට යාපනේ යයි

colombotoday

පොලිස් නිලධාරීන්ටත් කෑම දීමනාවක්

colombotoday

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය පමා කරන තේරීම් කාරක සභාවෙන් කාවින්ද ඉවත් වෙයි…

colombotoday