Colombo Today Local News

රංජිත් නිර්මාල් ඔබ දැන් කොහිද… 6%ක් අධ්‍යාපනයට දුන් නෑ නේද… ඊට වඩා උපදෙස්කම සැප නේද

gammanpila nirmal ranjith

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

අධ්‍යාපණයට 6% ක් නැහැ – එදා ඒ ගැන නැගූ හඬත් අද නෑ

අපි මේ වන විට මේ ආණ්ඩුවේ කුළුදුල් අයවැය ලේඛණය අසත්‍ය සංඛ්‍යාලේඛණ සහිත පදනම් විරහිත ලියවිල්ලක්ය කියන එක සාධක සහිතව ඔප්පුකර තියෙනවා. අපි තාර්කිකව කරුනු දැක්වුවා ලංකාවේ දළ දේශිය නිශ්පාදනයෙන් 6% අධ්‍යාපනයට වෙන්කරන්න බැරි බවට. එතකොට එජාපය කිව්ව නෑ අපිට පුළුවන් අපේ ආණ්ඩුවක් ආවොත් කරනව කියල. ඒ විතරක් නෙවෙයි ජනවාරි 29 වෙනිදා අතුරු අය වැයේදීත් මේ 6% පොරොන්දුව අළුත් කලා. නමුත් අපි ගණන් හදල පෙන්නුවා 2016 දි අවම වශයෙන් 5% ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වෙනව නම් පසුගිය වසර පහේ අධ්‍යාපනයට දළ දේශිය නිෂ්පාදනයේ ප්‍රතිථලයක් ලෙස අධ්‍යාපනයට අඩුම මුදල වෙන්කරල තියෙන්නේ මේ වසරේ. වෙන්කරපු මුදල 3.5%යි වැඩිවෙන්නෙ 2015 වෙන්කල මුදලට වඩා. නමුත් දල දේශිය නිශ්පාදනය අවම වශයෙන් 5% වර්ධනයක් බලාපොරොත්තු වෙනව නම් දල දේශිය නිශ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ගත්තම පසුගිය වසර පහේ අඩුම මුදල වෙන්කරල තියෙන්නේ මෙවරයි. අපේ ආණ්ඩුව කාලෙ අපිට මතකයි සරසවි සිසුන් විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරුන් පෙලපාලි ගියා අධ්‍යාපනයට 6% වෙන්කරන්න කියල. උද්ඝෝශණ සම්මන්ත්‍රණ පැවැත්තුව. හැබැයි මේ අය මහාදැවැන්ත පුදුමාකාර නිහැඩියාවකයි දැන් ඉන්නේ.

අපේ හිත මිත්‍ර ආචාර්ය රංජිත් නිර්මාල් දේවසිරි මැතිතුමන් ඇතුළු ඒ ප්‍රජාව ජනවාරි 08 වෙනිද වෙනස වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ අධ්‍යාපණයට 6% වේන් කරන බව පැවසූ නිසයි. මේ පෙනී සිටි සමහරුන්ට සභාපතිකම් උපසභාපතිකම් උපදේශක කම් එහෙමනම් ලැබිල තියෙනවා. නමුත් 6% අධ්‍යාපනයට වෙන්කරලා නම් නෑ. නමුත් විශ්ව විද්‍යාල ප්‍රජාව අද වෙනතුරු මේ ගැන වචනයක් කියල නෑ. අපි දේශපාලකයො අපිට වඩා හොදට ආර්ථික විද්‍යාව ගිණුම් කරනය තේරෙන අය විශ්ව විද්‍යාල තුල ඉන්නවා. අපි රැවැට්ටුවා නේද කියන ප්‍රශ්නය ඔවුන් විසින් මතුකල යුතුව තිබුනා. රංජිත් නිර්මාල් දේවසිරි මැතිතුමනි ඔබ කොහිද කියන ප්‍රශ්නය අපි එතුමන්ගෙන් අහනව. විශ්ව විද්‍යාල ආචාර්ය ප්‍රජාව අඳ ගොළු බිහිරි රංගනයක නියලී සිටිනවා. ඔවුන්ට ඇත්තටම අවශ්‍ය වුනේ දළ දේශිය නිශ්පාදනයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන්කරන්නද නැත්නම් මහින්ද රාජපක්ෂ මැතිතුමන් ගෙදර යවන්නද කියන සාධාරන ප්‍රශ්නය අද අපිට මතුවෙනවා. දැන් මේ අය හිතනව ඇති අධ්‍යාපනයට 6% වෙන් නොවුනත් කමක්නෑ මහින්ද මහත්තය ගෙදර ගියානේ කියල. තවත් සමහර අය හිතනව ඇති අධ්‍යාපනයට 6% වෙන් නොවුනත් කමක්නෑ අපිට සභාපතිකම් උපසභාපති කම් ලැබුනනෙ කියල. ඉතින් ඔබේ නිහඩ බව පිලිබද රටම අවධියෙන් කියල අපි ඔවුන්ට සිහිපත් කරනව.

– අරවින්ද අතුකෝරල

Related posts

ඔස්ට්‍රේලියාවේ දී ශ්‍රී ලාංකික පියෙකු සහ පුතෙකු මිය යයි

Admin

“LTTE තමන්ගේම මිනිස්සුන්ට වෙඩි තිබ්බා, ඒක මගේ ඇස් දෙකෙන් දැක්කා” – හිටපු කොටි සාමාජිකයාගේ හෙළිදරව්ව

colombotoday

රොහාන් පල්ලෙවත්ත සජිත්ට එකතුවේ.

colombotoday

මර්ධනීය ඉතිහාසයක් තියෙන නායකයෙක් අද සිහසුන හොබවනවා

colombotoday

“රොහින්ගියා මුස්ලිම් පිරිස පිටුවහල් නොකරනු“ – නැගෙනහිර මහඇමති නසීර් රජයට කියයි

colombotoday

ණය ගත්තේ කලින් ගත්ත ණය පියවන්නයි

Admin