Colombo Today Local News

“උතුරේ හමුදා කදවුරු එපා.. හමුදාව ඉවත් කරනු” අඩන්න හිටි විග්නේශ්වරන්ගේ ඇහේ උලක් ඇණෙයි

vigneshvaran

හමුදා කඳවුරු ඉදිකිරීම පොදු අවශ්‍යතාවක් නොවන බැවින් හමුදාව උතු‍රු පළාතෙන් ඉවත්විය යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත. මුලතිව් ප්‍රදේශයේ අක්කර එක්දහස් හත්සියයක භූමි ප්‍රමාණයක් හමුදාව සතුව ඇති බවත්, මේ පිළිබදව නිලධාරීන් මෙන්ම දේශපාලනඥයන්ද නොදන්නා බවත් ඔහු පැවසූ බව ටැමිල් විග් වෙබ් අඩවියේ සදහන් වේ.

පසුගියදා උතුරේ සංචාරයක නිරත වූ නෝර්වේ විදේශ රාජ්‍ය ලේකම්වරයා හමුවූ විග්නේෂ්වරන්, අධි ආරක්ෂිත කළාපයක් වූ යාපනය මයිලඩි ප්‍රදේශයේ ඉඩම් නිදහස් කිරීමට හමුදාව කටයුතු නොකරන්නේයැයි පැමිණිලි කර ඇත.මයිලඩ්ඩි ප්‍රදේශය පලාලි ගුවන්තොටුපළට ඉතා සමීප නිසා එය නිදහස්‌ නොකරන ලෙස ආරක්‍ෂක හමුදා බලධාරීන් කළ ඉල්ලීමට රජය එකඟ වී තිබේ. විග්නේශ්වරන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් තමා ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කර පියවර ගන්නා බවට නියෝජ්‍ය නෝර්වේ විදේශ ඇමැතිවරයා ප්‍රතිඥ දී ඇත.

මේ අතර කොස්ගම සාලාව යුද හමුදා අවි ගබඩාවේ සිදුවූ පිපිරීම දඩමීමා කරගනිමින් උතුරේ යුද හමුදා කදවුරු ඉවත් කිරීම සදහා බලපෑම් කිරීමට රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් විසින් සූදානම් වන බවද තොරතුරු වාර්තා වනවා. ජනාකීර්ණ ප්‍රදේශවල අවි ගබඩා පවත්වාගෙන යෑම ජන ජීවිතයට තර්ජණයක් බැවින් එම අවි ගබඩා ජනශුන්‍ය ප්‍රදේශවල පිහිටවිය යුතු බවට මේ වන විට දකුණේ ඇතිව තිබෙන කතාබහට මුවා වී මෙලෙස බලපෑම් කිරීමටයි ඔවුන් සූදානම් වන්නේ. එහෙත් හමුදා ආරංචි මාර්ග සදහන් කරන්නේ දකුණේ කදවුරු කිහිපයක් හැරෙන්නට උතුරු පළාතේ ජනාකීර්ණ ප්‍රදේශවල අවි ගබඩා පවත්වාගෙන නොයන බවයි.

මේ වන විට උතුරේ හමුදා මර්මස්ථාන ආශ්‍රීත අධිආරක්ෂිත කළාප බොහොමයක් හකුළවා ඇති අතර එම ඉඩම් සිවිල් ජනතාවට බෙදා දී ඇත. එබැවින් ජනතාව පදිංචි වීම කදවුරු ආසන්නයේම සිදුවන බැවින් හමුදා කදවුරු සිවිල් ජනතාවගේ කටයුතුවල බාධාවක් බව පවසමින් ඒවා ඉවත්කරන ලෙස ද්‍රවිඩ සන්ධානය විසින් දිගින් දිගටම රජයට බලපෑම් කරමින් සිටී.

Related posts

රිෂාඩ්ගේ නිවසේ සේවය කළ තවත් තරුණියන් 8 ක් ගැන විමර්ශන සඳහා පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මාතරින් කොළඹට කැඳවයි

colombotoday

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප් සියයට 25කින් ඉහළට

colombotoday

බැදුම්කර වෙන්දේසිය අතරතුර අර්ජුන් මහේන්ද්‍රන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගිහින්

colombotoday

” අනිවාර්යෙන්ම ආහාර හිඟයක් ඇති වෙනවා… ජනතාව දැනුවත් කළ නිසා මාව ඉවත් කළා ” – හිටපු කෘෂි ලේකම්ගෙන් සැර ප්‍රකාශයක්

colombotoday

ගිය වැඩේ හරි.. රු මිලියන 11110ක් දෙන්නං.. චීනය අගමැතිට කියයි.. ගිවිසුමකුත් අත්සන් කරන්න යයි

colombotoday

යහපාලන ඇමති මණ්ඩලයත් ලෝකය දිනයි.. රටවල් 191ක් පරදා අංක 1ට එයි !

colombotoday