Colombo Today Local News

අගමැති ඉල්ලීමට ජනපති එකගයි.. හමුදාපතිට සේවා දිගුවක් දෙයි.. හමුදාව ඇතුලෙන්ම විරෝධයක්!

krishantha d silva

2016 අගෝස්තු මස 22 වනදායින් අවසන් වීමට නියමිත වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සේවා ධුර කාලය 2016 දෙසැම්බර් මස දක්වා දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවට වාර්තා වේ.

අගමැතිවරයාගේ පාර්ශවයෙන් කළ ඉල්ලීමකට එකග වෙමින් ජනපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර වත්මන් යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වාට සේවා දිගුවක් ලබා දීමට එරෙහිව යුද හමුදාව තුළම දැඩි විරෝධයක් ඇතිව තිබෙන බවද එම පිරිස ඒ බව ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ෆීල්ඩ් මාර්ෂල්වරයා ලිපියක් මගින් දැනුවත් කර ඇති බවටද වාර්තා වේ.

ක්‍රිෂාන්ත ද සිල්වා මහතා යුද හමුදාපති ධුරයේ බලතල අයුතු ලෙස යොදා ගනිමින් හමුදා විනය නොතකා කටයුතු කිරීම, නිතීයට අනුව ක‍්‍රියා කළ දක්ෂ නිලධාරීන් විශ‍්‍රාම ගැන්වීම ඇතුළුව චෝදනා රැසක් එම ලිපියේ අන්තර්ගතව තිබේ.

Related posts

පොරොවකින් පහර දී කන්තාවක් ඝාතනය කරයි

Admin

ජලාශ කිහිපයක වාන් දොටු අරී

colombotoday

ඉන්දියාව ණය සහන දීමට එකඟ වීම ගැන සතුටුයි – ජුලී චන්ග්

Admin

මම දේශපාලනයේ නැවත උපදිනවා – හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන

colombotoday

මාස 5ක් තුළ ඉන්දීය ධීවරයින් 28ක් අත්අඩංගුවේ

Admin

තොරතුරු තාක්ෂණයේ අනාගත නියමුවන් බිහිකරන Future IT දීපව්‍යාප්ත වැඩමුළුවේ සමාරම්භය

colombotoday