Colombo Today Local News

වැඩිමිලට ඉන්ධන විකුණු බවුසර් රථයක් අත්අඩංගුවට

වැඩි මිලට අලෙවි කිරීම සදහා රැගෙන එන ලද ලංකා ඔටෝ ඩිසල් තොගයක් රැගත් බවුසර් රථයක් ඊයේ (02) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

WPLK 7971 අංක දරණ මෙම බවුසර් රථය නවලෝක කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගමට අයත් බවුසරයක් බව පොලිසිය සදහන් කරයි.

මීගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පොලිස් උපාය දුතයන් යොදවා වටරැක ලියන් වල ඇගලුම් කර්මාන්ත ශාලාවකට වැඩි මිලකට අලෙවි කිරීමට රැගෙන ආ අවස්ථාවේ බවුසර් රථය හා සැකකරුවන් 4දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ ඉන්ධන බවුසරයේ ලීටර් 13200ක් තොගය ඉසබෙලා පුද්ගලික සමාගම මිලදී ගෙන ඇති අතර ඉන් ලීටර් 6600ක් සිදුව තරිදු ෆාම් නමැති ආයතනයට අලෙවි කර ඉතිරි වූ තොගය මීගොඩ වටරැක මාර්ගයේ ලියන වල ප්‍රාදේශීය ඇගලුම් ආයතනයකට එක් ලීටරයක් රු.870 බැගින් අලෙවි කිරීමට පැමිණි බවයි.

මෙම සැකකරුවන් 4දෙනා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

සජිත්ගේ මැතිවරණයට ගිය වියදම රනිල් ඉල්ලයි !

colombotoday

යාපනයේ ළදු කැළැවකින් මිලියන 13ක කේරළ ගංජා හමුවෙයි

Admin

පොලිස් වෙඩිල්ලක් පාසල් සිසුවකුගේ හිසට

Admin

එක්සත් ජාතීන්ගෙන් ශ්‍රී ලංකාව ගැන නිවේදනයක්

colombotoday

රඹුක්කන පොලිස් වෙඩි තැබීමෙන් මියගියේ අපේ සන්දිත් සමරසිංහ මහතාගේ ආධාරකරුවෙක් – රනිල් වික්‍රමසිංහ

colombotoday

රවී මුදල් ඇමතිකමෙන් ඉවත් කරන්න අගමැතිට යෝජනාවක්

colombotoday