Colombo Today Local News

කළුවැල්ල තාක්ෂණික විද්‍යාලයේ ගින්නක් – උපකරණ රැසක් අළු වෙයි

ගාල්ල කළුවැල්ල තාක්ෂණික විද්‍යාලයේ ගොඩනැගිල්ලක අද (3) සවස ඇතිවු ගින්නකින් එම ගොඩනැගිල්ලට සහ උපකරණ රැසක් විනාශයට පත්විය.

මෙකාට්රොනනික්ස් විද්‍යාගාරයේ (රොබෝ තාක්ෂණික )මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් සිසුන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව ගාල්ල පොලිසිය කියයි.

ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවිම් ඒකකයේ රථ දෙකක් පැමිණ ගින්න නිවා දැමිමට කටයුතු කළ අතර ගිනි නිවිම් ඒකකයේ නිලධාරියෙක් සදහන් කර ඇත්තේ වහලේ සවිකර තිබු වායුසමිකරණ යන්ත්‍රයක ඇතිවු විදුලි කාන්දුවකින් ගින්න හට ගන්නට ඇතැයි සැක කරන බවය.

ගාල්ල පොලිසිය විසින් වැඩි දුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Related posts

මහින්දගේ ආශිර්වාදය ලැබෙනවානම්, ජනාධිපතිවරණයට තරඟ කරන්න මම සූදානම්

colombotoday

“දුමින්ද සිල්වාට එරෙහි ප්‍රධාන සාක්‍ෂිය හිරුණිකා ගොතන ලද බොරු සාක්‍ෂියකි”

colombotoday

20 සම්මත කරන්න ආණ්ඩුව 2/3 තිබෙනවා..අප අවශ්‍ය තීන්දුව අවශ්‍ය වෙලාවට ගන්නවා..- සමස්ත ලංකා මහජන කොංග්‍රසය කියයි

colombotoday

ගෝඨා මෛත්‍රී හමුවක් අද රාත්‍රියේ

colombotoday

තිස් අවුරුදු යුද්ධය නිම කළ රජය නැවත ත්‍රස්තවාදයට, අන්තවාදයට හිස ඔසවන්න දෙන්නෙ නැහැ. – අමාත්‍ය සරත් වීරසේකර

colombotoday

නාගොඩ රෝහලේ දෙවැනි මහලෙන් පුද්ගලයෙක් ඇද වැටෙයි

colombotoday