Colombo Today Local NewsHot News

මහින්දගේ ආශිර්වාදය ලැබෙනවානම්, ජනාධිපතිවරණයට තරඟ කරන්න මම සූදානම්

gotabhaya

හිටපු ජනාධිති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ලැබෙනවානම් ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට තමන් සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ සදහ තමන්ට ඕනවටත් වඩා සුදුසුකම් ඇති බවද ඒ මහතා පවසයි.

තමන් ජනාධිපතිවරණයකට තරග වැදීමට තවමත් අවසන් තීරණයකට එළැඹ නැති නමුත් ඉදිරියේදී ඕනෑම ආකාරයකට රටට සේවය කිරීමට සූදානම් යයිද ඔහු කියා සිටී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තවත් ජනාධිපතිවරණවයට තරග වැදීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් නොමැති නිසා අලූත් මුහුණක් ගැන ජනතාව තුල බලාපොරොත්තුවක් තිබිය හැකි යයිද හිටපු ආරක්‍ෂක ලේකම්වරයා පෙන්වා දෙයි.

යම් හෙයකින් තමන් ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුවහොත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පූර්ණ ආශීර්වාදය තමනට ලැබෙනු ඇති බවත් එම ආශීර්වාදය නොලැබෙන්නේ නම් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවක් නැති බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

Related posts

හික්කඩුව නගරාධිපති අභාවප්‍රාප්ත වෙයි

colombotoday

“සල්ලි ඉල්ල ඉල්ලා පාරේ යන්නෙ හිගන්නෝ” – ෆොන්සේකා භික්ෂූන් වහන්සේට නැවතත් ගරහයි (Video)

colombotoday

මැතිවරණයට අදාල පෙත්සම් නිෂ්ප්‍රභ කරන්න – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

colombotoday

මුස්ලිම් ආක්‍රමණයක් සිදුවෙන බව සිංහලයාට දැන් තේරෙනව.. අරාබියෙන් එන අරමුදල් ගැන සෙවිය යතුයි

colombotoday

කුඹල්ඔලුවේ මහා පරිමාණ කසළ තේ සැකසුම් මධ්‍යස්ථානයක් වටලයි

colombotoday

මාලිමාකාරයෝ පවුල් පිටින් ඡන්දේ ඉලන්නවා

Admin