Colombo Today Sports News

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8ක් ඔලිම්පික් යවන්න වියදම දෙකෝටි විසි ලක්ෂයයි.

ටෝකියෝ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගී වන ක්‍රීඩකයින් සහ නිලධාරීන් ඇතුළු පිරිස සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල වාර්තා කරන ලද බවට කියන පුවතක් සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුව නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනයේ සඳහන් වන්නේ, ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ නිලධාරීන් 58 ක් රුපියල් මිලියන 22 ක් හෙවත් ලක්ෂ 220 ක මුදලක් වැය කරමින් ක්‍රීඩා උළෙලට එක්වීමට සැලසුම් කර ඇති බවට පළවන සමාජ මාධ්‍ය වාර්තා සාවද්‍ය බවයි.

ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩකයින් 8 දෙනෙකුගෙන් සහ නිලධාරීන් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවෙන් සහභාගී කරවන බවට ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා සඳහන් කර ඇතැයි අදාළ නිවේදනයේ දැක්වේ.

කෙසේ නමුත්, සමාජ මාධ්‍යවල පළ වී තිබූ රුපියල් මිලියන 22ක මුදල නිවැරදි බව නිවේදනයේ සඳහන් ය.

එම මුදල් ලබා දෙන ආකාරය පිළිබඳව පැහැදිලි කරන ජාතික ඔලිම්පික් කමිටුව ඉන් 41.4 %ක් හෙවත් රුපියල් ලක්ෂ 92 ක් තම ආයතනය මගින් ලබා දෙන බවට පවසයි.

මේ අතර ඉතිරි 58.7 % හෙවත් රුපියල් ලක්ෂ 129 ක මුදල ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ලබා දෙන බව ද එහි සඳහන් ය.

එම ලක්ෂ 129න් 43% ක ප්‍රතිශතයක් එනම් ලක්ෂ 57 ක් කොවිඩ් තත්ත්වය මත සිදුවන වියදම්, ගුවන් ප්‍රවේශපත්‍ර, නවාතැන් සහ මාධ්‍යවේදීන් 6 දෙනෙක්, ප්‍රභූන් සඳහා වූ නවාතැන් පහසුකම් වෙනුවෙන් වෙන් කර තිබේ.

තුරග තරග සඳහා ඉදිරිපත් වන ක්‍රීඩිකාවගේ අශ්වයාගේ ප්‍රවාහන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10 ක් ද ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්ව සඳහා සහභාගී වන ක්‍රීඩිකාවගේ උපකරණ ප්‍රවාහනය සඳහා වෙන් කෙරුණු ලක්ෂ 4 ක මුදලක් ද ඊට ඇතුළත් ය.

Related posts

නිලූක කරුණාරත්නට නැවතත් ඔලිම්පික් වරම්.

colombotoday

ස්කොට්ලන්තයටත් සුපිරි ජයක්

colombotoday

කේ. මතිවානන්ගේ පාර්ශවය ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් කළ නාම යෝජනා ඉල්ලා අස් කර ගනී

colombotoday

සනත්ට ලොකු වගකීමක්

Admin

බංගලාදේශය 82ට දැවී යයි. ශ්‍රී ලංකාවට කඩුළු 10ක ජයක්…!!!

colombotoday

IPL තරගාවලිය සතියකට අත්හිටුවයි

colombotoday