Colombo Today Local News

ජනපති නිව් යෝර්ක් නුවර බලා පිටත්ව යයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(18) අලුයම අමෙරිකාවේ, නිව් යෝර්ක් නුවර බලා පිටත්ව ගියේ ය.

ඒ ,එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහායි.

ජනාධිපතිතුමා දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගී වන සහ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී රාජ්‍ය නායක සමුළුව අමතන පළමු අවස්ථාව මෙය බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ ය.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ප්‍රධානත්වයෙන් ලබන 21 වැනිදා මෙම සමුළුව ආරම්භ වෙයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ මෙවර තේමාව “කොවිඩ් 19 – වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම” යන්නයි.

ලබන 22 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව ඇමතීමට නියමිත ය.

සැසිවාරය අතරතුර ජනාධිපතිතුමා, රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරුන්ද ජනාධිපතිතුමා සමග සංචාරයට එක්ව සිටියහ.

Related posts

මධ්‍යම පළාතට අනවශ්‍ය ලෙස ඇතුල්වෙන සියලු දෙනා පී.සී.ආර්.පරීක්ෂණ

colombotoday

ජලනිට ගුවන් හමුදා උත්තමාචාර

Admin

“ඉදිරි මාස දෙක තුළ ඩොලර් බිලියන පහක්වත් නොලැබුණොත් රට ගෙනියන්න බෑ”

colombotoday

බදු වංචාකළ බව එටිසලාට් පිළිගනී.. “සූරා කෑ මුදල් පාරිභෝගිකයන්ට ගෙවනු” – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන්වූ තැපැල් මුද්දරයක් නිකුත් කරයි

Admin

“මරණ දණ්ඩනය ඉවත් කරන්න පනතක් ගෙනාවොත් එදා ජාතික ශෝක දිනයක් කරනවා” ජනපති

colombotoday