Colombo Today Local News

අරලියගහ මන්දිරය ඇතුළු ස්ථාන 04ක් ගැන පොලීසිය පුරාවිද්‍යාත්මක විමර්ශනයක් ඉල්ලයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ස්ථාන 04ක සිදුව ඇති හානි සම්බන්ධයෙන් පුරාවිද්‍යාත්මක විමර්ශනයක් කරන්නැයි, පොලීසිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ අගමැති කාර්යාලය සහ ජනාධිපති ලේකම් කාර්යාලය යන ස්ථානවල විමර්ශන කරන්නැයි තම දෙපාර්තමේන්තුවෙන් පොලීසිය ඉල්ලා ඇති බවය.

මේ අනුව, ජනාධිපති මන්දිරයේ කෞතුක භාණ්ඩවලට, ගොඩනැගිල්ලට සිදුව ඇති හානිය සහ පුරා වස්තු සම්බන්ධයෙන් ලේඛනගත කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවත් ඒ සම්බන්ධ පූර්ණ වාර්තාවක් කඩිනමින් ලබාදීමට මේ වනවිට පියවර ගනිමින් ඇති බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

පොලීසිය කළ ඉල්ලීම අනුව, සෙසු ස්ථානවල විමර්ශන කටයුතු ද ආරම්භ කිරීමට පියවර ගන්නා බව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

Related posts

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 32 කට නඩු

colombotoday

බුද්ධාගමට අපහාස කළ අබ්දුල් රාසික් රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

වගා හානි වීම් තක්සේරු කිරීම් කඩිනම් කරන්නැයි උපදෙස්

Admin

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට විදෙස් ගමන්වලින් වළකින්න ජනපති දැනුම් දෙයි

Admin

සුදුවෑන් ගැන කිව්ව රාජිතගේ නඩුව කල් යයි

Admin

ඉන්ධන මිල අඩුකරන්න බැරි හේතුව මෙන්න

Admin