Colombo Today Local News

ඉන්ධන මිල අඩුකරන්න බැරි හේතුව මෙන්න

මෙරටට මෙරටට ඉන්ධන ගෙන්වන වෙනත් සමාගම් සමඟ පසුගිය රජය එකඟ වූ ගිවිසුම් හේතුවෙන් තෙල් මිල අඩු කිරීමට ගැටලුවක් වී ඇති බව ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පවසයි.

පසුගිය රජය එළැඹි ගිවිසුම අනුව රජය විසින් ඉන්ධන මිල සූත‍්‍රයට පිටින් තෙල් මිල තීරණය කර එම සමාගම්වලට අලාභයක් සිදුවන්නේ නම් එම අලාභය රජය විසින් ගෙවීමට බැඳී සිටින බව බව සඳහන් වන්නේ යැයි ද හෙතෙම කියා සිටියේය.

ඉන්ධන මිල සූත්‍රයට අනුව තීරණය වන මිලට වඩා රජය වෙනස් මිලක් නියම කර එමඟින් එම සමාගම් වලට පාඩුවහොත් මෙම අලාභය ගෙවීමට එකඟ වී ඇති බවත් පැවසුව ඔහු එක් සමාගමක් මේ වන විටත් සිදුවූ අලාභයක් සම්බන්ධයෙන් අලාභ ඉල්ලා අමාත්‍යාංශයට ලිපියක් එවා ඇති බවද කියා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  අද පැවති මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් පළ කළේය.

Related posts

මිය ගිය කොටින්ට වන්දි ගෙවන්න ඇමති ස්වාමිනාදන් ගෙනා යෝජනාව ගැන කැබිනට් මණ්ඩලය තීරණයක් ගනී

colombotoday

මෙරට කිතුල් නිෂ්පාදන අපනයනයට සූදානම්

Admin

වෙනසක් ඕන බව පේනවා – ජනපති කියයි

colombotoday

අපේක්ෂිත බදු ආදයම් නොලැබේ

Admin

මෙරට පාසල් විවෘත කිරීමට ලෝක සංවිධාන තුනක අනුමැතිය

colombotoday

රත්‍රං මිල ඉහළට

Admin