Colombo Today Local News

හිටපු ජනපති නුදුරු දිනකදී ලංකාවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉතාම නුදුරු දිනකදී මෙරටට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසයි.

අද (29)දින පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහලේකම්වරයා ඒ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්…

“ඉතාම මෑත කාලයකදී එතුමා ලංකාවට පැමිණෙනවා. හිටපු ජනාධිපතිවරයෙක් රටට එනකොට.. එතුමා ලංකාවෙන් ගිය තත්ත්වය අපි හැමෝම දන්නවානේ. එතුමා සුන්දර පරිසරයක් යටතේ නෙමෙයි ලංකාවෙන් ගියේ. එතුමා නැවත එනවානම් එතුමාට නැවත ඒ ආරක්ෂාව සහ හිටපු ජනාධිපතිවරයෙක්ට සුදුසු පහසුකම් සපයන්න ඕනේ. මම හිතන්නේ අවශ්‍ය කටයුතු දැන් පිළියෙල කරලා තියෙන්නේ. ඉතාම නොදුරු දිනයකදී ලංකාවට එයි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.”

Related posts

IMF අනුමැතිය ලැබුණු පසු ඩොලරයේ අගය රුපියල් 200 හෝ 185 දක්වා පහළ යයි – ජනපති

Admin

මෙවර මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු 3 වන දා

colombotoday

මාරපන කෙලින් වැඩකරන අවංක මහත්මයෙක්, ඔහු හරියටම හරි – මංගල

colombotoday

හැටන් – සාංචිමලේ ප්‍රධාන මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

colombotoday

මාතලේ අල්ලස් ගත් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

පාතාලෙ දුනුමාල සරත් ඝාතනය කෙරේ

Admin