පොලිස් ඉතිරි කිරිමේ සංගමයේ පාලන කමිටු සභාපතිත්වයට හා කමිටු ලේකම් තනතුරුවලට පළමු වරට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් දෙදෙනෙක් පත්ව තිබේ.
පොලිස් ඉතිරි කිරිමේ සංගමයේ පාලන කමිටු සභාපතිත්වයට නියෝජ්‍ය පොලිස්පති පද්මිණී වීරසූරිය මහත්මියත් කමිටු ලේකම් තනතුරට නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියත් පත්වූ බවයි පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.