හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට නිදහස හිමිව තිබේ.
ජනාධිපති සමාව හිමිවූ ඔහුව බන්ධනාගාරයෙන් නිදහස් කරනු ලැබුවා.
රන්ජන් රාමනායක මහතා ඊයේ (25)දින දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයෙන් සමාව ද අයැද සිටි අතර, තමන් සිදුකළ ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බව එහි සඳහන් කර තිබුණා.
මේ අතර රන්ජන් රාමනායක මහතා විදේශගත ශ්‍රමිකයින්ගේ සුබසාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපතිධූරයට පත් කිරීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ මනුෂ නානායක්කාර මහතා කටයුතු කර ඇත.
“Goodwill Ambassador of Migrant Workers” ලෙසින් හදුන්වන මෙම තනතුර ස්වේච්ඡා තනතුරක් වන අතර විදේශ රැකියා ක්ෂේත්රයේ ඔහුගේ නිහඬ දැනුම ප්‍රයෝජනයට ගැනීමට මෙම තනතුර ලබාදී තිබේ.