සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000 ක් රැගත් නෞකාවේ තොග ගොඩබෑම අද (24)දින ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කරන්නේ, රුසියානු බොරතෙල් රැගත් දෙවැනි නෞකාව ඊයේ රාත්‍රියේ දිවයිනට සේන්දු වූ බවයි.
ඔටෝ ඩීසල් රැගත් නෞකාවක් හෙට(25) හෝ අනිද්දා(26) දිවයිනට ළඟා වනු ඇති.
ඔක්ටේන් 92 ප්රෙට්රල් රැගත් නෞකාවක් ලබන 27 හා 29 යන දින අතර මෙරටට ළඟාවීමට නියමිත බව ට්විටර් පණිවුඩයේ සඳහන් ය.
මේ අතර භූමිතෙල් හා ගුවන් යානා ඉන්ධන බෙදා හැරීම යළි ආරම්භ කර තිබේ.