Colombo Today Local News

චීන විද්‍යාත්මක පර්යේෂණ යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොටට

ආන්දෝලනයට තුඩු දුන් චීන විද්‍යාත්මක පර්යේෂණ යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරාය වෙත පැමිණ තිබේ.

එම නෞකාවට මේ මස 16 වන දා හම්බන්තොට වරායට ඇතුළුවීමට රාජ්‍ය තාන්ත්‍රික අවසරය හිමි වී තිබිණි.

මෙම අවසරය ලබා දී තිබුණේ, ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය තුළදී ස්වයංක්‍රිය හඳුනා ගැනීමේ පද්ධතිය (AIS) ක්‍රියාත්මක කර තබා ගැනීම සහ ශ්‍රී ලංකා මුහුදේ කිසිදු විද්‍යාත්මක පර්යේෂණ සිදු නොකළ යුතු බවට ආරක්‍ෂක අමාත්‍යංශය විසින් අවධාරණය කළ කොන්දේසි මත ය.

ඒ අනුව, මෙම නෞකාව අගෝස්තු 16 සහ 22 අතර කාලය තුළ ඊට අවශ්‍ය සැපයුම් ලබා ගැනීමට නියමිත ය.

Related posts

ඝාතන කුමන්ත්‍රණ කෙසේ වෙතත් ගෝඨාභයට ආරක්‍ෂාව දිය යුතුයි… – එජාප මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

colombotoday

ඉන්දියාවට පැන ගිය කොටි බුද්ධි අංශ ලොක්කා දැන් ලංකාවේ !

colombotoday

දූෂිත පොලිස් ඕඅයිසීගේ වැඩ තහනම්

colombotoday

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල තවදුරටත් අඩු කරයි

Admin

ආණ්ඩුවේ ඩෙඟා නැටිල්ලෙන් ජාතික ආරක්ෂාවට කණ කොකා හඩන හැටි !

colombotoday

හෙට ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක්

Admin