Colombo Today Local News

ඉන්දීය නාවික හමුදාවට අයත් ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් අද මෙරටට

ඉන්දීය නාවික හමුදාවට අයත් ඩෝනියර් 228 සමුද්‍රීය නිරික්ෂණ ගුවන් යානයක් අදට යෙදී ඇති ඉන්දීය නිදහස් දිනයට සමගාමීව මෙරටට ලබාදීමට නියමිතව තිබේ.

ඉන්දීය රජය මගින් ශ්‍රී ලංකා රජය වෙත එවැනි යාත්‍රා 3ක් ලබාදීමට නියමිත අතර මෙය එහි පළමු යානාව වේ.

2018 වසරේ නව දිල්ලි නුවරදී දෙරටේ ආරක්ෂාව පිළිබඳව පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාව කළ ඉල්ලීමකට අනුව
මෙම යානාව ආරම්භක වසර දෙක සඳහා නොමිලේ ලබා දීමට ඉන්දියාව එකඟ වී තිබුණි.

අදාළ ගුවන් යානය දෙවසරකට නොමිලේ ලබා දෙන්නේ, නව ගුවන් යානයක් නිෂ්පාදනය කිරීම සඳහා වසර දෙකක පමණ කාලයක් ගත වන බැවින් ය.

මෙම යානය ලබාදීමෙන් අනතුරුව ඉන්දීය තාක්ෂණික නිලධාරීන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද මීට අදාළව පසුගිය මාර්තු මාසයේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්කර ඇති ලියකියවිලිවල සඳහන් වේ.

මෙම සමුද්‍ර නිරීක්ෂණ සහ ඔත්තු බැලීම් සහ මුදාගැනීම් ශ්‍රී ලංකා මුහුදේ සුවිශේෂී ආර්ථික කලාපය තුළ සහ ශ්‍රී ලංකා ගුවන් අවකාශය තුළ සිදු කිරීමට නියමිතය.

Related posts

ඤාණසාර හිමිගේ අභියාචනය සලකා බැලීම ජූලි මසට කල් යයි..

colombotoday

ඇදිරි නීතිය කඩකළ තවත් 36 දෙනෙකු පොලිස් අත්අඩංගුවේ

colombotoday

උගන්ඩාවේ ධනය ලඟදිම ගේනවා කොට්ටහච්චි ලෙන්චිනාට කියයි

Admin

අගමැතිතුමා බැදුම්කර වංචාවේ සියළු මුදල් සාක්කුවේ දාගත්තේ නෑ… එතුමා පාරිශුද්ධ බෝධිසත්වයෙක් නෙවෙයි – රංජන් අගමැතිගේ ක්ලීන් සූට් ගලවයි

colombotoday

රූපලාවන්‍ය ව්‍යාපාරයටත් ඉන්දියානු බැල්ම.. ඉන්දියානු රූපලාවන්‍යාගාර රටපුරා අරඹයි !

colombotoday

මරණ දණ්ඩනය හිමිව සිටින සිරකරුවන්ගේ දඩුවම ලිහිල් කිරීමට අවධානය

colombotoday