Colombo Today Local Newsextremism & terrorism activities

සංහිඳියාවට බාධයිලු.. යාපනය නාවක්කුලි සිංහල ගමේ නම ශාන්තිපුරම් කරන්නැයි බලපෑම්

යාපනය – නාවක්කුලි සිංහල ගම්මානය

යාපනයේ නාවක්‌කුලිය නමැති සිංහල ගම්මානයේ නම ශාන්තිපුරම් ලෙස වෙනස්‌ කිරීමට දේශපාලනඥයකු ප්‍රමුඛ පිරිසක්‌ ක්‍රියා කරන බව එම ගම්මානයේ පදිංචිකරුවෝ කියා සිටිති.

මෙම ගම්මානය සහ ඊට යාබදව පිහිටා ඇති බෞද්ධ විහාරයේ ආරක්‍ෂාව සඳහා යොදවා තිබූ හමුදා කඳවුරද ඉවත් කරන ලෙස මෙම පිරිස රජයෙන් ඉල්ලා ඇත. සංහිඳියා ක්‍රියාදාමයට පහසුවනු පිණිස මෙම ගම්මානයේ නම ශාන්තිපුරම් ලෙස වෙනස්‌ කළ යුතු බව ඔවුන් දන්වා ඇත.

මේ සඳහා රජයේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයකු සහ භික්‍ෂුවකද සහයෝගය දක්‌වා ඇතැයි වාර්තා වේ. නාවක්කුලි සිංහල ගම්මානය අසල ඉදිකරමින් පැවති චෛත්‍ය යේ වැඩකටයුතුද අත්හිටුවන ලෙස චාවාකච්චේරි ප්‍රාෙද්ශීය සභාව පසුගිය දා ලිඛිතව දැනුම් දුන්නේය.

නාවක්කුලි සිංහල ගම්මානය

යුද්ධයට පෙර යාපනය අර්ධද්වීපයේ පමණක් සිංහල පවුල් විසි හතරදහසකට වැඩි පිරිසක් පදිංචිව සිටි අතර එයින් බහුතරය යාපනයේ පාරම්පරික පදිංචිකරුවන් විය. ප්‍රභාකරන්ගේ නියෝගයෙන් එක රැයක් ඇතුළත ඇදිවත පමණක් අතැතිව යාපනයෙන් පිටමං වීමට සිංහල සහ මුස්ලිම් ජනතාවට සිදුවිය.

යුද්ධය නිමාවෙන් පසුව දෙමළ සහ මුස්ලිම් ජනතාව යාපනේ යළි පදිංචි කිරීම පිළිබදව දෙමළ, මුස්ලිම් දේශපාලකයන් සහ විවිධ රාජ්‍ය නොවන සංවිධාන අවධානය යොමුකළද, යාපනයෙන් පළවාහරින ලද විසිහතරදහසකට අධික සිංහල ජනතාව ගැන කිසිදු පාර්ශවයක අවධානය යොමු වුණේ නැත. එසේ තිබියදී අවතැන්ව දකුණේ ඥාතීන්ගේ රැකවරණයේ සිටි සිංහල පවුල් 180ක් යුද්ධය නිමාවෙන් පසු 2010 වර්ෂයේදී යළිත් යාපනය බලා ගියද ඔවුන්ට හිමිවූයේ ජරාජීර්ණවූ යාපනය දුම්රිස් ස්ථානය පමණි. වසරකට ආසන්න කාලයක් කිසිදු හව්හරණක් නොමැතිව එම ස්ථානයේ රැදී සිටියත් කිසිදු බලධාරියෙක් අවධානය යොමුකර තිබුණේ නැත. පසුව එම ජනතාව යාපනය නාවක්කුලියේ නිවාස සංවර්ධන අධිකාරියට අයත් අක්කර 60ක පමණ භූමියක ටකරන් මඩු තනාගෙන පදිංචි වී ඇත.

පසුව ‘සිංහල රාවය ජාතික සංවිධානය‘ මැදිහත් වීමෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංවිධානවල ආධාර ඇතිව නිවාස සහ යටිතල පහසුකම් ලබා දීමට කටයුතු කර ඇත.

පසුගිය කාලය පුරා ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන් එම ගම්මානයට කඩා වැදී, එයින් පිටවන ලෙස බලපෑම් කර තිබුණු අතර, එහි ඉදිකර තිබෙන විහාස්ථානයට අත්බෝම්බ ප්‍රහාරයක්ද එල්ලකර තිබිණි. පසුගිය රජය පැවති සමයේ වත්මන් ඇමති මනෝ ගනේෂන්ද එහි ගොස් සිංහල වැසියන්ට තර්ජණය කර තිබුණු අතර, මේ වන එල්ල වෙමින් පවතින තර්ජණ හා බලපෑම් වඩාත් උග්‍ර වී ඇති බව නාවක්කුලි සිංහල වැසියන් පවසති.

Related posts

සැමියා නැති කතගේ ගෙදරට ගිය රියදුරෙක් මරු දකී

colombotoday

“කොවිඩ්-19” හේතුවෙන් ලොවපුරා මියගිය ගණන ලක්ෂ දෙක ආසන්නයේ

colombotoday

දේශීය කිරි පැකට්ටුවක මිල ඉහළට

colombotoday

අයවැය ලේඛනයේ එකම අරමුණ තිබෙන දේවල් විකිණීම

Admin

ලොරියකට පොලිසියෙන් වෙඩි

Admin

කෝටි 15කට අධික රත්‍රන් සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

Admin