Colombo Today Local News

මන්නාරම ද්‍රෝණියේ සැඟව ඇති තෙල් සහ ගෑස් වලින් රටේ ණය මෙන් තුන් ගුණයක ආදායමක් ඉපයිය හැකි

මන්නාරම ද්‍රෝණියේ සැඟව ඇති ඩොලර් බිලියන 267ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින් රටේ සමස්ත ණය ප්‍රමාණය මෙන් තුන්ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ඊයේ (07)දින පාර්ලිමේන්තුවේදී පැවති බලශක්ති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ඔහු ඒ බව පැවසීය.

එහිදී පාර්ලිමේන්තුවට දෙවන වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පතට කාරක සභාවේ එකඟතාවය හිමිවිය.

මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් කැණීම් සිදු කරන ආයෝජකයන්ට සියයට 50 ක කොටසක් ලබා දුන්නද ඩොලර් බිලියන 133.5 ක ආදායමක් රජයට අත්කරගත හැකි අතර එය රටේ සමස්ත ණය වටිනාකම වන ඩොලර් බිලියන 47 මෙන් තුන් ගුණයකට ආසන්න වන බව ඒ මහතා එහිදී පෙන්වාදී තිබේ.

මන්නාරම් ද්‍රෝණියේ ඇති ගෑස්වලින් පමණක් නොරොච්චෝලේ බලාගාරය වසර 120 ක් ක්‍රියා කළ හැකි බවත් එහි ඇති තෙල්වලින් පමණක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසර 143ක් ක්‍රියාත්මක කළ හැකි බවද වාර්තා වේ.

ලෝකයේ සම්මතය අනුව තෙල් හා ගෑස් ගවේශනයේදී රටක් ‍ළිං 7ක් කැණිමේදී එකක් සාර්ථකවීම සිදුවන බවත් නෝවේ රජයට පළමු සාර්ථකවීම සඳහා ළිං 31 ක් කැණීමට සිදුවූ බවත් අමාත්‍යවරයා පැවසීය.

නමුත් ශ්‍රී ලංකාවේ කැණීම් කරන ලද ළිං 4 අතුරින් 3 කම සාර්ථකවීම ඉතා යහපත් තත්ත්වයක් බව අමාත්‍යරවාය එහිදී සඳහන් කර තිබුණි.

Related posts

පාර්ලිමේන්තුව වහාම කැඳවන්නැයි කතානායක ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති වුනොත් තේරෙයි මෙ පදවිය කෙතරම් දුෂ්ටද කියලා – සරත් විජේසූරිය

colombotoday

කබීර් හෂීම් මහා ඉඩම් වෙන්දේසියක.. රජයේ ඉඩම් අක්කර 59,000ක් විකිණීමට සියල්ල සූදානම් !

colombotoday

වේදෙනිගම විමලතිස්ස හිමි පැහැරගැනීම පිටුපස DIG දේශබන්දු තෙන්නකෝන්

colombotoday

බැඳුම්කර වංචාව : රවී කරුණානායක ඇතුළු චූදිතයින්ට එරෙහිව විශේෂ අධිකරණ විභාගයක් පවත්වන්නැයි නීතිපතිවරයා ඉල්ලයි

colombotoday

රෝහිතගේ සහ ජොන්ස්ටන්ගේ නිවෙස්වලට හානි කළ කතක් අල්ලයි

colombotoday