Colombo Today Local News

බෝම්බයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

මාලඹේ පොලිස් වසමේදී විදෙස් රටක නිෂ්පාදනය කරන ලද ජීව අත් බෝම්බයක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මාලඹේ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අරංගල ප්‍රදේශයේ ඊයේ (ආගෝ. 12) සවස සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

සැකකරු වයස අවුරුදු 33ක් වන මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (අගෝ. 13) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මාලඹේ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

මේ අතර, විදෙස් රටක නිෂ්පාදනය කරන ලද රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සමග පුද්ගලයෙකු ගම්පහ නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (අගෝ. 12) දහවල් කාලයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

සැකකරු වයස අවුරුදු 46ක් වන මාකේවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඒ අනුව, සැකකරු අද (අගෝ. 13) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

යතුරුපැදි හිමිකරුවන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

colombotoday

මීගමුවේ හෝටලයක “බුද්ධ බාර්” සාදයක්… අනුග්‍රහය ඇමතිවරයෙකුගෙන් !

colombotoday

‘අගමැති ඉවත් කරන්න ජනපතිට අසනීපයක් නෑ’ -රාජිත කියයි

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

විදුලි ඉංජිනේරුවෝ ලෙඩ වෙයි

colombotoday

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයට සැලසුම්

colombotoday