Colombo Today Local News

ඩෙල්ටා බෝම්බය පුපුරලා අවසන්.. රනිල් යුද හමුදාව විවේචනය කරන්නේ එයට ඇති බිය නිසා

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ධාරිතාව ඉක්මවා රෝගීන් වාර්තා වීමේ ගැටලුව සෞඛ්‍ය අමාත්‍යංශය හා රෝහල් පාලනාධිකාරිය ඒකාබද්ධව සාර්ථකව කළමණාකරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, රෝහල් තුළ වි‍ශේෂ ප්‍රතිකාර ඒකකයන් ද කොවිඩ් -19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කිරීමට මේ වන විට කටයුතු යොදා ඇති බවය.

“ඉදිරි සති දෙක තුනක කාලේ තමයි තීරණාත්මක. ඩෙල්ටා වෛරසය බෝම්බයක් වගේ. මේක නිව්යෝක්, ලන්ඩන් නුවර පිපිරුවා. ඉන්දුනීසියාවේ පිපිරුවා. ලංකාවෙත් ඩෙල්ටා බෝම්බය පුපුරලා තියෙන්නේ. නමුත් ඒකට මුහුණ දෙන්න ඕනේ. ජනතාවට ඇත්ත කියලා පරිස්සම්වෙලා හිටියොත්. ආරක්ෂා කරගත්තොත් අපිට මේ අභියෝගය ජයගන්න පුළුවන් වෙයි. විශේෂිත ඒකක සඳහා වෙන්කරලා තිබුණ වාට්ටු කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ගන්න අපි තීරණය කළා. ඒ වාට්ටුවල සේවය කළ විශේෂඥ වෛද්‍යවරු හෙද නිලධාරීන් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොමුකළා. ඒකෙන් තමා අපිට හැකියාව ලැබුණේ මේ තත්ත්වයට මුහුණ දී ගන්න.”

කාර්ය සාධන බළකාය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එහිදී ගනු ලබන තීන්දු තීරණ ජනතාධිපතිවරයා විසින් ගන්නා බවය.

සියලු තීරණ සාකච්ඡා කර ගන්නා බවත්, කාර්ය සාධක බළකාය නොතිබුණා නම් රට අවුල් ජාලාවක් බවට මේ වන වීමට ඉඩ තිබු බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යුද හමුදාව විවේචනය කරනු ලබන්නේ එයට ඇති බිය නිසා බවද පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, ත්‍රිවිධ හමුදාව කොවිඩ් පාලනයට ලබාදෙන සහයෝගය සියලුදෙනාගේ ගෞරවයට පාත්‍ර වන බව ද පැවසීය.

Related posts

ක්‍රිකට් විකාශන අයිතිය රාජපක්ෂ රෙජීමයෙන් වික්‍රමසිංහ රෙජීමයට!

colombotoday

වැට් වැඩි කළේ රාජපක්ෂලා නිසයි.. එන අවුරුද්දේ අඩු කරනවා.. එතකොට මට දුප්පතාගේ හිතවතා කියයි

colombotoday

ඇණහිට තිබූ සියලු මහා පරිමාණ ඉදිකිරීම් යළි අරඹන්න තීරණයක්

Admin

රනිල්ගේ නිවසට ගිනිතැබීම : ස.ජ.බ හිටපු මන්ත්‍රී සී.අයි.ඩී. අත්අඩංගුවට

Admin

එජාප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ 22වන දා මැති සබයට

colombotoday

කෑගල්ල, කළුතර රෝහල්වලටත් ළඟදීම PCR යන්ත්‍ර

colombotoday