Colombo Today Local News

කෑගල්ල, කළුතර රෝහල්වලටත් ළඟදීම PCR යන්ත්‍ර

දිනකට කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනිමේ PCR පරීක්ෂණ 20,000කට ආසන්න සංඛ්‍යාවක් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, මීට පෙර PCR පරීක්ෂණ 10,00ක් පමණ සිදු කළ බවයි.

මේ වන විට දිවයිනේ රෝහල් 40 ක පමණ PCR පරීක්ෂණ සිදු කරන බව ද ඔහු සඳහන් කළේය.

පෞද්ගලික රෝහල් 05ක ද එම පරික්ෂණ මේ වනවිට සිදු කරමින් පවතී.

මේ අතර කෑගල්ල සහ කළුතර රෝහල්වල ද ඉදිරියේදී PCR පරීක්ෂණ යන්ත්‍ර ස්ථාපිත කිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

Related posts

අදත් බස් ධාවනය අඩාලයි

colombotoday

එස්.බී. නාවින්න සජිත්ගේ සහයට එක්වෙයි !

colombotoday

සජිත් ජනපති වූ පසුව සියළුම කාන්තාවන්ට නොමිළේ සනීපාරක්ෂක තුවා !

colombotoday

“කොරෝනා මර්දනය කරන අතරම රටේ අභ්‍යන්තර ආරක්ෂාව ගැනත් බලන්න”

colombotoday

ප්‍රසන්නගෙන් මහින්දට ලිපියක්

Admin

රටත් ජනතාවත් ආරක්ෂා කළේ භික්ෂූන් වහන්සේලායි. උන් වහන්සේලා වැළැක්වීමට කිසිවෙකුට අයිතියක් නෑ

colombotoday