Colombo Today Local News

මුදල් ඇමතිවරයා අයවැයෙන් ජනාධිපතිවත් අන්දලා – බන්දුල ජනපති හමුවී කියයි VIDEO

f8bd7df8c99fb4c0f0b9d1a186d3146e_L

අයවැය ලේඛනය මගින් පාර්ලිමේන්තුවත්, රටත්, ජනතාවත්, ජනාධිපතිවරයාත් රවටා තිබෙන අන්දම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලියකියවිලි සහිතව අද (24දා) පෙරවරුවේ පෙන්වා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

“අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිතුමා මුණගැසී අයවැයේ ඇති බරපතළ තත්ත්වය ගැන පැහැදිලි කළා. පාර්ලිමේන්තුවත් ජනතාවත් මුලාකරමින් ඉදිරිපත් කළ අයවැයක් බවට එහිදී ජනාධිපතිතුමාට තේරුම් කර දුන්නා.

ජනාධිපතිතුමා අපහසුතාවයට පත්කරමින් එක්සත් ජාතික පක්ෂය ලණුවක් දී ඇති බවට ලිපිලේඛන සහිතව ජනාධිපතිතුමාට පෙන්වා දුන්නා” යනුවෙන් හෙතෙම පවසා සිටියේය.

අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ආදායමෙන් සියයට හයක් වෙන් කළායැයි කීවද එතරම් ගණනක් වෙන් කර නැති බව හා අය වැයෙන් ජනපතිට දී තිබෙන්නේ දිරවීමට නොහැකි ලණුවක් බව එතුමාට පැවසූ බව ද මනත්රීවරයා සඳහන් කළේය.

අය වැය ඡන්ද විමසීමේ දී නිදහසේ ඡන්දය පාවිච්චි කළ හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පැවසීයැයි ද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

මේ ගැන අගමැති හා මුදල් ඇමැති සමග සාකච්ඡා කරන බව ජනපති දැනුම් දුන් බව ද බන්දුල ගුණවර්ධන මහතා වැඩි දුරටත් කියා සිටියේය.

Related posts

හදිසි තත්ත්වයකට සූදානම්.. රට පුරා මර්මස්ථානවලට යුද හමුදාව යොමුකෙර්…

colombotoday

හබරාදුව ග්‍රාමසේවකවරයෙක් උපකාරක පන්තියට ආ සිසුවා අපයෝජනය කරලා

colombotoday

චීන නැව හම්බන්තොටට වේගවත් ගමනක.. – ශ්‍රී ලංකා මුහුදේ විද්‍යාත්මක පර්යේෂණ තහනම්

colombotoday

අර්ජුන ඇලෝසියස්ගෙන් මුදල් අරගෙන මැතිවරණය කළා. දයාසිරි පිළිගනියි

colombotoday

පළමු ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා මෙරටින් හමුවීමත් සමග රජයෙන් විශේෂ නිවේදනයක් !

colombotoday

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය මහාචාර්ය ජී.එච්. පීරිස්ට

colombotoday