Colombo Today Local News

ෆොන්සේකා – චමල් පාර්ලිමේන්තුවේ දී උණුසුම් වචන හුවමාරුවක – ‘‘බල්ලා, බූරුවා, පිස්සා, මෝඩයා’’ පාර්ලිමේන්තුවේ රැව්පිලි රැව් දෙයි

රන්ජන් රාමනායක මහතට මන්ත්‍රී ආසනය යළි ලබා දෙන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් අත්වල කළුපටි පැළඳ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් දෙවැනි දිනයටත් උද්ඝෝෂණයේ යෙදීමත් සමග ඇති වූ උණුසුම්කාරි තත්ත්වයක් හට ගත්තේය.

මේ අවස්ථාවේ ආණඩු පක්ෂය හා විපක්ෂයේ මන්ත්‍රිවරුන් අතර උණුසුම් බහින්බස් වීමක් ද සිදුවනු දැකගත හැකිවිය.

සභාවට නොගැලපෙන‘‘බල්ලා,‘‘බූරුවා‘‘, ‘‘පිස්සා“, ‘‘මෝඩයා“,‘‘පරයා‘‘ යනාදිවූ වචනද එහිදී හුවමාරුවිය.

මේ අවස්ථවේ අදහස් දැක් වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෙන්සේකා මහතා කැලෑ උසාවියකින් එදා දඬුවම් දුන් අවස්ථාවේ මේ ඉදිරියේ සිටින එදා කතානායක තමාට මේ සභාවට පැමිණීමට ඉඩ නොදුන් බව පැවැසුවේය.

මෙහිදි වහා නැගී සිටි ඇමැති චමල් රාජපක්ෂ මහතා මේ සභාවට එදා ඔබට එන්න ඉඩ දුන්නේ මමයි‘‘ යනුවෙන් පැවැසු අතර මෙහිදී ෆොන්සේකා මහතා ගේ වචනයක් හේතුවෙන් අවේගශිලි වු රාජපක්ෂ මහතා ඔහුට නොරිස්සු වචනෙන් බැණ වැඳුණේය.

සරත් ෆොන්සේකා මහතා ද ඒ අයුරින්ම ප්‍රතාචාර දැක්වීමත් සමග ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රිවරුන් අතර ඇති වූ බහින්බස් වීම් හේතුවෙන් සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු පිරිසක් මේ අවස්ථාවේදී චමල් රාජපක්ෂ මහතා වටකරගෙන පාලනය කරගත නොහැකි වීම නිසා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ අවස්ථවේදී සභාවේ කටයුතු විනාඩි දහයක් කල් තබනු ලැබීය.

කල් තැබුණු පාර්ලිමේන්තුව විනාඩි දහයකට පසුව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යළි ආරම්භ වූ අතර න්‍යාය පත්‍රයේ අනෙකුත් කටයුතුවලට එහිදී සාමකාමී ආකාරයට යොමුවනු දැකගත හැකිවිය.

Related posts

කොවිඩ් සිරුරු භුමදානයට ඉරණතිව් දුපත තෝරාගැනීම ජාතිවාදයක් ඇතිවිය හැකි – රවුෆ් හකීම් කියයි

colombotoday

මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි තොගයක් ඇසුරුම්කර විකුණයි… මගඩිය පිටුපස වාණිජයට සම්බන්ධ ඇමතිගේ සොයුරෙක්…

colombotoday

අන්තවාදීන්ගේ ඉල්ලිමට රටේ නීති වෙනස් කිරීම වරදක්. | කොරෝනා මරණවලට ආගම අනුව විශේෂයක් කරන්න එපා.

colombotoday

විග්නේශ්වරන්ගේ ගෝලයෙක් ප්‍රභාකරන්ගේ ඡායාරුප යොදාගෙන මැතිවරණ ප්‍රචාරක කටයුතුවල

colombotoday

වාචාල කතාවක් නිසා සිරිල් ගාමිණි පුජක තුමා අමාරුවේ වැටෙයි. අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි.

colombotoday

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු ගැටුම: ජාතිවාදී පසුබිමක් නැහැ !

colombotoday