Colombo Today Local NewsUncategorized

ලේඛනාරක්ෂක දෙ‍පාර්තමේන්තුවේ නීතිමය තැන්පතුව හොරු බිඳිති

ජාතික ලේඛනාරක්ෂක දෙ‍පාර්තමේන්තුවේ ආරක්ෂිත අංශයක් වන නීතිමය තැන්පතුව සොරු බිඳ ඇතැයි එම දෙපාර්තමේන්තුව කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙරට ලියාපදිංචි සියලුම පොත් හා ප්‍රකාශනවල එක් පිටපතක් තැන්පත් කර ඇති අංශය නීතිමය තැන්පතුව සේ හැඳින්වේ.
එම අංශයට යම් පිරිසක් ඇතුළු වී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරියක් විසිනි. සිද්ධිය පිළිබඳව කුරුඳුවත්ත පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.

මෙරට ප්‍රකාශයට පත්වන සියලුම පොත් වලින් පිටපත් පහක් හා පුවත්පත්වලින් පිටපත් දෙකක් ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට ලබා දිය යුතු අතර පොත් පහෙන්,කෞතුකාගාර පුස්තකාලයට, රුහුණු විශ්ව විද්‍යාලයට, පේරාදෙණි විශ්ව විද්‍යාලයට, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවනාගාරයට, පිටපත් හතරක් යවන අතර අනෙක් පිටපත ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ නීතිමය එකතුවට යවනු ලබයි.

මුද්‍රණාල, පුවත්පත් හා ප්‍රකාශන යන පනත් යටතේ මෙසේ පිටපත් ලබාදීමට පොත් හා පුවත්පත් ප්‍රකාශකයන් බැඳී සිටියි.

කෙසේ වෙතත් එම දෙපාර්ත‍මේන්තුවේ පසුගිය සමයේ සිදුවී ඇතැයි කියන දූෂණ වංචා රැසක් පිළිබදව සොයා බලා වාර්තාවක් ලබාදීම සඳහා සංස්කෘතික අමාත්‍යවරයා ද වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය දා පරික්ෂණ කමිටුවක් පත් කර ඇති අතර එහි වාර්තාව ද මේ මස 15 වැනිදා බාර දීමට නියමිතය.

මේ වනවිට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදුවෙමින් පවතින අතර එහි බොහෝ කාමරවල ජනෙල් දොරවල් ගලවා තිබිම ඉතා අනාරක්ෂිත බව එහි නිලධාරිහු මෙම කමිටුවට පෙන්වා දී ඇත.

Related posts

වහාම ක්‍රියාත්මකවන පරිදි මොරටුව,පානදුර සහ හෝමාගමට ඇඳිරිනීතිය

colombotoday

ගසකට බිලි වූ ජීවිතය

Admin

ලෝක මුස්ලිම් ලීගයෙන් ලබාදුන් කෝටි 90ක මුදල ගැන විමසිය යුත්තේ අබ්දුල් කාදර් අල් මෂූර් මවුලානාගෙන්

colombotoday

මුස්ලිම්, දෙමළ අන්තවාදී දේශපාලකයන්ට එරෙහිව රට පුරා පොලිසිවලට පැමිණිලි

colombotoday

රවී ජනපති හමුවෙයි.. බැදුම්කර මගඩිය ගැන සියළු රහස් හෙළි කරයි !!!

colombotoday

වීරසිංහම් ආනන්දසංගරීගේ පුතු කැනඩා අමාත්‍ය මණ්ඩලයට

Admin