පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලනඥයන් සිටිනවා ද කියා ජනතාව තුළ සැකයක් මතු වෙමින් පවතින බව සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්. පී. පෙරේරා මහතා පැවසීය.
එම චෝදනාවලින් මිදෙන්න නම් සාධාරණ සාක්ෂි ඔස්සේ කටයුතු කිරීමට වත්මන් රජය පියවර ගත යුතු බවත් ඔහු පෙන්වා දුන්නේ ය. පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් සෑම දෙනාටම සාධාරණයක් ඉටු වේ යැයි බලාපොරොත්තු වුව ද සැබෑ අපරාධකරුවන් ආරක්ෂා කිරීමට යාම නිසා කළු ඉරිදාවක් වශයෙන් දැවන්ත උද්ඝෝෂණයක් පැවත්වීමට ද සිදු බවත් හෙතෙම සඳහන් කළේ ය. ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී ඊයේ (07)දින පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.