Colombo Today Local News

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීමට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට දින නියම වෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තමන් පෙනී සිටින ඇතැම් වග උත්තරකරුවන්ට පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව මගින් චෝදනා එල්ල වී ඇති හෙයින් ඔවුන්ට තවදුරටත් තමන් පෙනී සිටින්නේ ද යන්න තීරණය කිරීම සඳහා කල් ලබාදෙන්නැයි නීතිපතිවරයා අද ( 08)දින ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණ අද දින පැවැත්වීමට නියම කර තිබූ එම පෙත්සම් විභාගය අවලංගු කළ අතර මෙම පෙත්සම් පිළිබඳ විභාගය ජුනි මස 7, 8 සහ 9 යන දිනයන්වල පැවැත්වීමට තීන්දු කළේය.

මෙම පෙත්සම් අද (8)දින අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන් සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙම පෙත්සම් අද (8) දින සිට දින තුනක් නොකඩවා විභාගයට ගැනීම සඳහා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දින නියම කර තිබිණි.

පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම පෙත්සම්වල තමන් පෙනී සිටින ඇතැම් වග උත්තරකරුවන්ට පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව මගින් චෝදනා එල්ල වී ඇති හෙයින් ඔවුන්ට තවදුරටත් තමන් පෙනී සිටින්නේ ද යන්න තීරණය කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

අවම වශයෙන් ඒ සදහා තමන්ට සති අටක කාලයක් අවශ්‍ය බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් වරයා අධිකරණයට දන්වා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය අද දින පැවැත්වීමට නියම කර තිබූ විභාගය අවලංගු කළ අතර මෙම පෙත්සම් පිළිබඳ විභාගය ජුනි මස 7, 8 සහ 9 යන දිනයන් වල පැවැත්වීමට තීන්දු කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ ඥාතීන්, කතෝලික පියතුමන්ලා , ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශව 12ක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළහ.

එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.

Related posts

ඥානසාර හිමි අත්අඩංගුවට නොගත්තොත් පාර්ලිමේන්තුව තුල ස්වාධීන වෙනවා – මුස්ලිම් ඇමතිවරු

colombotoday

ලංකාදීපයේ රොත්තක් බැදුම්කර පත්තරේට !!

colombotoday

මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට කැඳවීම නතර කළ යුතුයි – අනුර කුමාර දිසානායක

Admin

ෆේස්බුක් ඔස්සේ හුවමාරු වන ප්‍රතිපත්ති අසත්‍ය බව සීලරතන හිමියෝ පවසති

colombotoday

මල් මල් ගමනක් ගිය සිරිකොතේ පදයට රඟා, සීඅයිඩියේ දෙබානක් ජාතික ආරක්‍ෂාව විනාශ කළ හැටි…

colombotoday

නව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පත්කෙරේ..

colombotoday